9 දා එනවා: 11 සිට බෙදනවා ඉදිරි මාස හතරේ  හිඟ නැතිව ගෑස් දෙනවා – අගමැති මැතිසබයේදී කියයි

162

ඉදිරි මාස 4 සඳහා හිඟයකින් තොරව ජනතාවට ගෑස් ලබාදීමට හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6 දා) පැවසීය.

ඒ සඳහා අවශ්‍ය ගෑස් තොග ලබන 9 දා මෙරටට පැමිණෙන අතර 11 දා සිට රට පුරා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවත් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 140,000ක් බෙදාහරින බවත් අගමැතිවරයා කීවේය.

මෙරටට ගෑස් තොග ලැබුණු වහාම බෙදාහැරීමේ මධ්‍යස්ථාන 140ක් හරහා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ගෑස් ලබාදීම ලබන 11 සහ 12 දෙදින සිදුකරන අතර ඉන්පසුව ද කොළඹට දිනපතා ගෑස් සිලින්ඩර් 25000ක් බැගින් බෙදාහරින බවද හෙතෙම පැවසීය.

වත්මන් ගෑස් හිඟය සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

දැනට රට තුළ පවතින උග්‍ර ගෑස් හිඟය මෙම මස අවසන් වනවිට හෝ අගෝස්තු මස මුල් සතිය වනවිට සම්පූර්ණයෙන්ම පහව යනු ඇතැයිද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment