9/11 ප්‍රහාරයට අද වසර 21යි

107


ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කර අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරයට අද වසර 21ක් සපිරේ. මෙය ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සලකයි.
එම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත. ඇමෙරිකාවට ඉන් ඩොලර් බිලියන 10ක ආර්ථික හානියක් ද සිදුවිය.

2001 සැප්තැම්බර් මස 11 වැනිදා අමෙරිකාවේ නිව්යේාර්ක්හි පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කෙරුණි.
ඉන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලුණු දෙකම විනාශ වූ අතර එක්සත් ජනපද ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට ද බරපතළ හානි සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment