90ට පාන් ගෙඩිය විකුණද්දී  110ට විකුණන්න මට බල කළා

482

බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් ගෙඩියක මිල රුපියල් එකසිය දහයක් වියයුතු බවට ප‍්‍රකාශ කළත් දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල පාන් ගෙඩියක් රුපියල් සියයට අඩුවෙන් අලෙවි කරන බවට වාර්තා වේ.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් පැවසුවේ පාන්පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ ගියත් සාමාන්‍ය ලාභයක් තබාගෙන පාන් ගෙඩියක් රුපියල් 90ක් වැනි මිලකට අලෙවි කළ හැකි බවයි. මෙහිදී අදහස් දැක්වූ රත්මලාන හතරෙගේට්ටුව හන්දියේ පාන් අලෙවි කරන අශෝක දෙශපි‍්‍රය මහතා කියා සිටියේ තමාට රුපියල් 88ට ලැබෙන පාන් ගෙඩියක් තමා රුපියල් 90කට අලෙවි කරන බවයි. සියලූම කෙටි කෑම වර්ග තමා රුපියල් 60කට අඩුවෙන් අලෙවි කරන බවද ඔහු පැවසීය. තමා රුපියල් 90ට අලෙවි කරන පාන් ගෙඩියක්ම අවට වෙළෙඳසල්වල රුපියල් 110ට අලෙවි කරන බවත්

තමාගෙන් ද එම මුදලටම අලෙවි කරන ලෙස ඉල්ලා සිටියත් තමා එය ප‍්‍රතික්‍ෂේප කර පාන් රුපියල් 90ට අලෙවි කරන බවද ඔහු කියා සිටියේය.

චමින්ද සිල්වා

පාන් 30කින්ම වැඩි කරන්න  අපි කිව්වේ නෑ – බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති

ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින්ම වැඩි කරන ලෙස තම සංගමය බේකරි හිමියන්ට පවසා නැතැයි ශී‍්‍ර ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

ඒනිසා කිසියම් බේකරි හිමියකුට හැකියාව ඇත්නම් රුපියල් 30ක් ම වැඩි නොකර ඊට වඩා අඩු මුදලක් වැඩි කර ග‍්‍රෑම් 450 පාන් ගෙඩිය රුපියල් 110කට වඩා අඩු මුදලට ලබාදීමට පියවර ගන්නේ නම් ඒ සම්බන්ධව සංගමයේ කිසිදු විරෝධයක් නැතැයි ද කීවේය.

තම සංගමය පැවසුවේ රුපියල් 20ත් 30ත් අතර මුදලකින් ග‍්‍ර‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල වැඩි විය යුතු බව මිස රුපියල් 30කින්ම වැඩි විය යුතු බව නොවේ යැයි ද ජයවර්ධන මහතා සඳහන් කළේය. වර්තමානයේ ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක් සම්බන්ධව මිල පාලනයක් නොමැති නිසා පාන් ගෙඩියේ නිෂ්පාදන ප‍්‍රමිතිය අනුව විවිධ බේකරි හිමියෝ රුපියල් 100 සිට 130 දක්වා අතර මිල ගණන් යටතේ වෙළෙඳපොළේ මේ වනවිට පාන් අලෙවි කරති.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment