මාර්ග අනතුරකින් රූඩි ජීවිතය හැර යයි

606

ටෙස්ට් තරග 100කට වැඩි ප්‍රමාණයක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වූ අයිසීසී හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
 දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පෙරේදා (9) සිදු වූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, ඒ වන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වූයේය.
 
 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහු ටෙස්ට් තරග 127ක දී, එක්දින තරග 250ක දී, විස්සයි විස්ස තරග 20ක දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කොට තිබුණි.
 
 වසර 18ක කාලයක ඔහු ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment