96 වසරක් සපුරන ගුවන්විදුලි මහගෙදර

729

2021 දෙසැම්බර් 16 දිනට යෙදෙන ජාතික ගුවන් විදුලියේ 96 වැනි සංවත්සරය නිමිත්තෙනි.

දෙස් විදෙස් සිය විජයග‍්‍රහණයන් සනිටුහන් කළ බි‍්‍රතාන්‍යයන් තම හිරු නොබසින රාජ්‍යයෙන් පිටත ප‍්‍රථම ගුවන්විදුලි සේවාව ලෙස වර්ෂ 1925 ජුනි මස 27 වැනිදා ලංකා ගුවන්විදුලිය මෙරට පිහිට වූයේ ආසියාවේම පුරෝගාමී ගුවන්විදුලිය වශයෙනි. එහෙත් නිල වශයෙන් ගුවන් විදුලි විකාශනයක් ආරඹීම සටහන් වන්නේ 1925 දෙසැම්බර් 16 වැනිදාය. මෙලෙස ඇරඹි ලංකා ගුවන්විදුලිය ක‍්‍රියාත්මක වූයේ පොදු සේවා සංකල්පයට අනුවය. 1950 දී වෙළෙඳ සේවය ඇරඹෙන තෙක් වාණිජ අරමුණු ලංකා ගුවන්විදුලියට නොවීය. අනතුරුව 1967 වසරේ ජනවාරි මස 05 වන දින

ලංකා ගුවන්විදුලිය මෙරට ජනතාව වෙනුවෙන් ඇති කර්තව්‍යයට රාජ්‍යමය වැඩි නිල බලයක් සහිතව බලාත්මක වූයේ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට පත් වෙමිනි.

ආසියාවේ ප‍්‍රථම ප‍්‍රජා ගුවන්විදුලිය ලංකා ගුවන්විදුලිය යටතේ ගිරාඳුරුකෝට්ටේ දී මහවැලි ගුවන්විදුලි සමාරම්භය සනිටුහන් කරනුයේ 1986 අපේ‍්‍රල් පළමුවෙනිදා ය. අන්තර්ජාල පහසුකම් සහිතව ලෝකය මුල් වරට වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබූ ගුවන්විදුලිය ලෙස යුනෙස්කෝ ආයතනය සම්භාවනාවට පාත‍්‍ර කර ඇත්තේ, ලංකා ගුවන්විදුලියට අනුබද්ධ කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලියයි. 1979 අපේ‍්‍රල් දොළොස් වැනිදා රජරට සේවය අරඹමින් ශ‍්‍රී ලංකා ගුවන්විදුලිය ප‍්‍රාදේශීය මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී. මෙලෙස, ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී වනස්පති දළු ලමින් සිටින සමයක ශ‍්‍රී ලංකාවේ රූපවාහිනි සේවාවක් ආරම්භ කරන ලෙසට නිර්දේශ කරන්නේ ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ හුළුගල්ල ගුවන්විදුලි කොමිසමෙනි. ඒ 1966 අපේ‍්‍රල් මස 15 වැනිදා ඉදිරිපත් කරන ලද ස්වකීය වාර්තාවකට අනුවය. ආදිවාසීන් වෙනුවෙන් ලෝකයේම පළමු වතාවට ගුවන්විදුලියක් වශයෙන් දඹාන ප‍්‍රජා ගුවන්විදුලිය නම් කර ඇත්තේ

ශ‍්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙක්ම කෙරෙහි ඇති සමාජයීය වගවීම නිසා ය. ඒ බව තවත් පසක් කරන්නේ ළමුන් වෙනුවෙන්ම ලෝකයේ ප‍්‍රථම ළමා ගුවන්විදුලිය වන විදුල ළමා ගුවන්විදුලිය මෙරටදී ආරම්භ වීමයි. ඒ රටක අනාගත පරපුර කෙරෙහි ඇති ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාධ්‍යමය සමාජ වගවීමේ නියමු භූමිකාවයි. එසේම ශ‍්‍රී ලංකාවේ පළමු එෆ්. එම්. තරංග මාලාව උපයෝගි කර ගනිමින් විකාශය කරනු ලැබූ ගුවන්විදුලි නාලිකාව ලෙස සිටි එෆ්. එම්. සේවය 1989 නොවැම්බර් 3 වැනිදා ආරම්භ වන්නේ, එය මෙරට ගුවන්විදුලි වැඩසටහන් විසුරුවා හැරීම් තාක්ෂණික පියවරේ පළමු ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යය වෙමින්ය.

බි‍්‍රතාන්‍යයේ සිවිල් ඉංජිනේරුවරයකු වූ එඞ්වඞ් හාපර් විසින් ගුවන්විදුලි සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ 1923 වර්ෂයේ සිදුකරන ලද අත්හදාබැලීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1925 දී ලංකා ගුවන්විදුලිය මෙරට ස්ථාපනය කරමින් පැමිණි ගමන් මඟට තවත් වසර 4 කින් ශත සංවත්සරයක් පිරීමට නියමිතයි. එවන් මොහොතක් අභියස ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ඉහත සුවිශේෂී අභිමාන ගොන්න හිමිවනුයේ තවත් ශතවර්ෂ කිහිපයකටත් එහා මෙරට ගුවන්විදුලි වංශ කතාව තුළ සමාජයීය සාදු කර්තව්‍යයන්ට අත්පොත තැබූ ප‍්‍රකම්පිත හඬ පෞරුෂයේ නියමුවා වන බැවින්ය.

96 වසරක් සපිරෙන ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධයෙන් යළි කියවීම මෙන්ම එහි අනාගතය සොයා බැලීමක් ද කිරීම අතිශය කාලෝචිත වේ. ගුවන්විදුලියේ අවකාශය ශබ්දයයි, එමගින් පරිකල්පනය අවදි කරයි. පරිකල්පනයේ සීමා මායිම් ඇති දෘශ්‍ය රූපක මාධ්‍යයකින් අත්පත් කර ගැනීමට නොහැකි බුද්ධිය ද විනෝදය ද ගුවන්විදුලිය තුළින් ගොඩනැෙ`ග්. ගුවන්විදුලියට ආකෘතිමය වශයෙන් ලැබී ඇති දායාදය නම් කාලය අවකාශය සහ අවස්ථාව අතික‍්‍රමණය කිරීමේ හැකියාවයි. එකී හැකියාව සහ ශබ්දය පරිකල්පන ශක්‍යතාවය තුළ ආරක්ෂා කර ගැනීම

ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් සිදුවන වැදගත් කර්තව්‍යයකි. වර්තමාන ලෝකයේ ඇතැමුන් සඳහන් කරන්නේ ගුවන්විදුලිය මියයමින් පවතින බවයි. නමුත් මෙහිදී කිව හැකි කරුණ වනුයේ සුභාවිත භාවිතයක් නොසලකන ගුවන්විදුලි නාලිකා ඔස්සේ සිදුකරන නිසරු පරිකල්පනය මියැදෙමින් පවතින විනා හඬ ප‍්‍රකම්පනය හරහා සීමා මායිම් නොමැති සුභාවිත පරිකල්පනය ජනිත කරන ගුවන්විදුලිය නැමැති දෘෂ්ටිවාදී සංකල්පය මියනොයනු ඇති බවයි. එකී මියනොයෑමේ මෙදියත ප‍්‍රබලතම ජීවමාන සාක්ෂිය වනුයේ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.

වර්තමානයේ විවිධ සේවායෝජක ගුවන්විදුලි නාලිකා හතු පිපෙන්නාක් මෙන් මෙරට බිහි වුණ ද එහි ඇති ගුණාත්මකභාවය හා ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්න ගණනාවක් ඇත. එදා ජාතික ගුවන්විදුලියේ ප‍්‍රතිභාපූර්ණ නිවේදකයෝ ගුරුවරු ලෙස කටයුතු කරමින් අන්ධකාරයෙන් ප‍්‍රඥාවට යන තක්සලාවක්

ගොඩනැ`ගූහ. ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඓතිහාසික කොරිඩෝව දෙපස වර්තමානයේ එල්ලා තිබෙන ඡුායාරූප පෙළ එය ජීවමාන කරවයි.

රැුකියාවෙන් ඔබ්බට යමින් මෙරට අනාගතයේ සුභාවිතය උදෙසා සදාචාර සම්පන්න භාෂාමය මාධ්‍ය භාවිතයක් සමාජගත කිරීම, පරම්පරා ගණනක් ටොරින්ටන් චතුරශ‍්‍රයෙන් රැුක ගෙන ආ ඒ ජීවනාලිය මතුයම් දවසටත් සම්පේ‍්‍රෂණය කරන්නේ එම කොරිඩෝව හරහා යුහුසුලූව යන වත්මන් ක‍්‍රියාකාරීන් ය. ඒ, මතු පරපුර උදෙසා සෞභාග්‍යමත් දැක්මකින් පිරුණු රටක් වෙනුවෙන් ය. සුභාවිත විනෝදාස්වාදය තුළින් මහජන සේවා සපයන සන්නිවේදකයෙක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු සමාජයීය වගකීමෙන් එහා ගිය යුතුකම දරන්නේ සදාචාරය ජාතියක සෞභාග්‍යය උදා කරන බැවිනි.

ශ‍්‍රව්‍ය මාධ්‍ය සඳහා මාධ්‍යවේදීන්ට ආචාරධර්ම පද්ධතියක් සදහා පූර්වාදර්ශයක් සැපයීමට උත්සාහ දැරුවේද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ඒ 2002 වර්ෂයේ දී ඌව ප‍්‍රජා ගුවන් විදුලිය, ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා විද්‍යාත්මක සංස්කෘතික සංවිධානය, ඌව පළාත් සභාව සමග එකතුව ප‍්‍රජා ගුවන්විදුලියේ සංකල්පය නව මානයක් ඔස්සේ ක‍්‍රියාත්මක කිරීමට එකගතාවයකට පැමිණි අවස්ථාවේදීය. ශ‍්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ ප‍්‍රථම වරට සන්නිවේදකයන් සඳහා මාර්ග දර්ශකය නිර්මාණය කොට එළි දැක්වූයේ එම ක‍්‍රියාදාමය තුළයි. ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ප‍්‍රධාන සේවයන් හා ප‍්‍රාදේශීය සේවාවන් පොදු ආචාර ධර්ම පද්ධතියක් හා නියාමනයක් තුළ, සේවා අනන්‍යතාවයන් පවත්වාගෙන යයි. හරසුන් වදන් තෙපලන ගිරා පෝතකයන් නොවන සන්නිවේදන බලඇණියක් සහිත ආකෘතිමය වශයෙන් විවිධත්වයෙන් යුතු වැඩසටහන් ඔවුන් මෙහෙයවනු ලබයි. එසේම ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී ද ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති කාමරය තුළ ආචාර ධර්ම පද්ධතියක් වේ. එය විශ්වසනීය තහවුරු කරන ලද, නිවැරදි ප‍්‍රවෘත්තියක් විය යුතුය. නැතහොත් සියල්ලන්ටම කලින් ඒ සියල්ල කළ බව කියන, ප‍්‍රවෘත්තිවලින් ප‍්‍රමුඛයා වීමටද, නිවැරදිව ප‍්‍රථමයෙන් කීමටද, වෙලාවට කලින් ප‍්‍රවෘත්ති දීමද, වේගවත්ව සහ ප‍්‍රමුඛතම ප‍්‍රවෘත්ති සම්පේ‍්‍රෂණය ද ජාතික ගුවන්විදුලියට අදාළ ධර්මතාවයක් නොවේ. ප‍්‍රවෘත්ති සංස්කරණයේදී භාෂා භාවිතය නිවැරදි ව්‍යාකරණානුකූල විය යුතුය. එක් පාර්ශ්වයකට අගතිගාමී හා අපහාසාත්මක වාර්තාකරණය සිදු නොවේ. ජාතික ආරක්ෂාව, සමාජය ව්‍යසන, ආගමික කාරණා, හදිසි ආපදා තත්ත්වයන් යටතේ ක‍්‍රියාත්මක වීම පිළිබඳ වෘත්තීය ආචාර ධර්මය සේම නියාමනයන් ද වේ. එමෙන්ම කාලීන වැඩසටහන් සජීවීව විකාශය වන අවස්ථාවක ශ‍්‍රාවකයාට සජීවීව නැරඹීම තුළින් වඩ වඩාත් සත්‍ය දැනගැනීමට ඇති හැකියාව තහවුරු කරමින් සෘජු ප‍්‍රතිචාර සජීවීව දැක්වීමට ඇති අයිතිය නව මාධ්‍ය භාවිතය හරහා ශාක්සාත් කර ඇත. යාවත්කාලීන චින්තනය හරහා ජාතික ගුවන් විදුලියෙහි සමාජයීය වගකීම වසර 96ක ගුවන්විදුලි ඉතිහාසය දක්වා දිවෙන අතර එය දින දහස් ගණනකි. එනිසා එය පිටු දහස්

ගණනක ලියැවිල්ලක් මිස සංක්ෂිප්ත ලිපියකින් ගෙන හැර පෑම, මෙරට ජාතික ගුවන් විදුලියේ ජාතික කර්තව්‍ය නම් මහ සයුරෙන් දිය බිඳක් පමණක් ගෙන හැර පෑමක් වැනිය.

ශ‍්‍රී ලංකාවේ ගුවන්විදුලි වංශකතාවේ සමාජයීය

වගකීම යනු ජාතික ගුවන්විදුලියේ ඉතිහාසයම වෙයි, ඒ අන් කිසිවක් නිසා නොවේ මෙරට ජාතියේ නිල හඬ වන නිසාවෙන් ය. ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එයටම ආවේණික තැනක රැඳී සිටී. ජෝ. අන්. එල්. බනෝන් සඳහන් කළාක් මෙන් යම් කිසිවෙක් ගමන් කළ මඟක තව අයෙක් ගිය විට පිය සටහන් දකින්නට නොලැබේ. 96 වසරක පිය සටහන් දුටු ගුවන් විදුලිය, සංස්ථාවක් බවට පත්වී 55 වසරක පරිණතභාවයෙන්

ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමාටම අනන්‍ය වූ ප‍්‍රතාපවත් මඟක අචලව ගමන් කරයි.

විල්ලූද පලසක් නොපතමින් 96 වසරක පැමිණි
ගමන් මෙඟ් ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට විවිධ යුගවල දී කෙන්දක් පරයා කන්දක් තරමට පැමිණි අභියෝග මහත් ය. සිය නියමු ගුණය සපථ කරමින් එම අභියෝගවලට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලි සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ මෙරට සුවාහසක් වූ ජනතාවගේ හද ගැස්ම වූ නිසා ය.

පවිත‍්‍රා කේශනි නානායක්කාර
ප‍්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශය,
ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment