සප්ත ස්වර අතරින් මතු වුණ සොඳුරු ගුරු මව නීලා…

1004

පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගණි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙදෙනා…

මේ… යළිඳු කිසි දිනෙක සජීවීව නොඇසෙන නීලාගේ ගී හඩයි.

1950 වර්ෂය් මාර්තු මස 30 වැනිදා උපන් දෝන ඩිලීෂියා නීලා වික‍්‍රමසිංහගේ මව්පියන් වූයේ දොන් ෆ‍්‍රැන්සිස් වික‍්‍රමසිංහ සහ විතානාරච්චිගේ දෝන යසවතී ගුණසේකරයි. පිරිමි සහෝදරයන් නැති පවුගේ නීලාගේ තනි නොතනියට සිටියේ දෝන අරුණි රිටා නන්දනී වික‍්‍රමසිංහ වන ඇයගේ අක්කාය.

වයස මාස හයේදී පෝලියෝ රෝගය නීලාගේ ජීවිතයට අඳුරු වලාවක් වෙද්දී මවගේ දැඩි සෙනෙහස එයට අභියෝග කරන්නට සමත් වීම ඇයගේ දිවි ගමනේ සාර්ථකත්වයේ රහසක් විය.

වයස අවුරුදු තුනේදී කිරිමැටියාගාර විදුහලට ඇතුළත් වන නීලා 1954 වසරේදී එයින් ඉවත්ව අක්කා සමග කැස්බෑවේ රජයේ ප‍්‍රාථමික මිශ‍්‍ර පාසලට ඇතුළත් වීම ඇයගේ කලා දිවියේ ආරම්භය බවට පත් විය.

1959 වර්ෂයේදී ප‍්‍රථම වරට ගුවන්විදුලියේ ‘ආධුනික හ`ඩ. වැඩසටහනට ගීතයක් ගායනා කිරීමේ භාග්‍ය උදාකරගත් නීලා කාලයත් සමග එතෙක් අකුරු කළ පාසලට සමු දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුවත් එස්. එස්. සී. (අ. පො. ස. සා/පෙළ) විභාගය සමත්වීමත් සමග මාම්පේ ශ‍්‍රී සෝභිත මහා විද්‍යාලය ඇයගේ විදු මව බවට පත්වන්නේ සංගීත අංශයෙන් ද අලූත් බලාපොරොත්තුවක් ඇති කරමිනි.

ගායනයට තිබුණු මනා හැකියාවේ ප‍්‍රතිපලයක් හැටියට 1963 සහ 1964 වර්ෂයන්වලදී සමස්ත ලංකා ඒකල ගායනා තරගයේ කනිෂ්ඨ ඒකල ගායනා ශාස්ත‍්‍රීය අංශයෙන් ප‍්‍රථම ස්ථාන හිමිකරගැනීමට සමත්වූවාය.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ වික්ටර් රත්නායක වැනි ප‍්‍රතිභාපූර්ණ කලාකරුවන් ඇසුරු කරන්නට භාග්‍ය ලද නීලා 1966 වසරේදී පුවත්පතක වූ දැන්වීමකට අනුව චිත‍්‍රපට පසුබිම් ගායිකාවක තෝරාගැනීමේ තරගයකට ඉදිරිපත් වූවාය. එහිදී පන්සිය පනස් දෙනකු පරදා චිත‍්‍රපට පසුබිම් ගායිකාවක වීමේ වාසනාව උදාකරගත්තේ සංගීත දිවියේ තවත් එක් කඩඉමකට ළඟා වෙමිණි.

එයින් අනතුරුව 1967 වසරේදී ගුවන්විදුලියේ ‘සැඳෑ අඹරේ නිශා මල් යට. ගීතය පටිගත කරමින් සංගීත ගමනේ ස්ථාවර වන්නට මුල්ම පියවර තැබූ නීලා” ‘තවලම යනවෝ සහ රොන් රස බේරෙන මල් කෙමියේ. ගීතවලට අත්වැල් ගායනයෙන් එක්වෙමින් චිත‍්‍රපට පසුබිම් ගායනයට පිවිසියාය. ‘කළු දිය දහර. චිත‍්‍රපටයට ‘මාස්ටර් සර්. ගීතයේ කොටසක් තනිව සහ කොටසක් සමූහ වශයෙන් ගායනයෙන් එක්වූ ඇය ගැහැනු ළමයි චිත‍්‍රපටයේ එන ‘වියෝ ගී ගැයෙනා හදේ. ගීතයෙන් තනිව චිත‍්‍රපටයකට ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව උදාකර ගත්තාය.

ගුවන්විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ සරල ගී ශිල්පිණියක ද වන නීලා 1975 වර්ෂයේදී සංගීත ගුරුවරියක අහුංගල්ල රාජපක්‍ෂ මහා විද්‍යාලයට පත්වීම් ලැබුවා. එතැනින් බණ්ඩාරගම කණිෂ්ට විද්‍යාලයටත් විශාඛා වි්‍යාලයටත් මාරුවීම් ලබා සිය වසර 23ක සේවා කාලයෙන් ඉසිඹු ලැබුවාය.

1989 වසරේදී මහඟු මෙහෙවරකට දායක වෙමින් පෝලියෝ රෝගය සඳහා වන දැන්වීමකට ඇය මහත් උනන්දුවෙන් එක්වූවාය.

1984” 1988” 1996” 1992 වසරවලදී හොඳම චිත‍්‍රපට පසුබිම් ගායිකාව” 1991” 1992 වසරේ ජනප‍්‍රියම කාන්තාව (සංගීතය)” 1993 WOMEN OF ACHIEVEMENT සහ 1986 වසරේ දක්‍ෂතම පසුබිම් ගායිකාව යන සම්මානයන්ගෙන් පිදුම් ලැබූ නීලා ‘මාස්ටර් සර්” සූසැට බරණින් සැරසීලා” රං ටිකිරි සිනා” සුදු මුතු රළ පෙළ” රහසේ හ`ඩනා අප පැතුම්. වැනි ජනප‍්‍රිය ගීත රැසක් රසිකයන්ට දායාද කළාය.

 ‘සිතිජය” ?න ගිරව්” දෑස නිසා” ගැහැනු ළමයි” කළු දිය දහර” අමල් බිසෝ” දයාබර නිලූ. වැනි චිත‍්‍රපට රැුසකට පසුබිම් ගායනයෙන් එක් වූ නීලා පණ්ඩිත් රමරදේව” සංගීත් නිපුන් සනත් නන්දසිරි” ආචාර්ය වික්ටර් රත්නායක” විශාරද දයාරත්න රණතුංග වැනි ප‍්‍රවීණයන් සමග යුග ගී ගායනයෙන් එක් වී ඇත.

ගීත රැුසක් සංගීතවත් කළ නීලා කැසට් පට සහ ටෙලි නාට්‍ය කිහිපයකට තම හ`ඩ මුසු කළාය.

දහසක් බාධක මැද ගායන ශිල්පිණියක” සංගීත අධ්‍යක්‍ෂවරියක ලෙස සාර්ථකත්වයේ හිණිපෙතටම පා තැබූ නීලා වික‍්‍රමසිංහ 2022 ජනවාරි මස 17 වැනිදා වසර 71ක සිය දිවිගමනට සමු දෙන විට ඉතාලියේ මිලානෝ නුවර ශ‍්‍රී ලංකාවේ නව කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළාය.

සැප කියනා මායාවේ
දුක දකිනා සීමාවේ
ඥාණාලෝකය ලබන්න
පිං පුරපන්නේ
මේ දේපොළ රැගෙන යන්න
බෑ මිනිසුන්නේ…

සංගීත අඹරේ මං සොයා යන කඳෝපැණියන්ට පහන් තරුවක් වූ සොඳුරු ගුරු මාතාව නීලා…

ඔබට නිවන් සුව..!

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment