පැන්ඩෝරා පත‍්‍රිකාවලින් හෙළි කළ මුදල් ගෙන්වා ගත්තොත් රටේ ඩොලර් හිගයට විසඳුමක් – සජිත් පේ‍්‍රමදාස

90

රට තුළ පසුගිය සති අන්තයේ හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවීම සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම් සිදු කළේ කුමන කාරණා මතදැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ප‍්‍රශ්න කළේය.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.

‘‘ඊයේ පක්ෂ නායකයන් සාකච්ඡුා කළා. ඒක හොඳයි. හැබැයි අපට උද්ගත වූ කරුණු කිහිපයක් මතු කිරීමට හැකි වූයේ නෑ. අපිට පැහැදිලි කරන්න අවශ්‍යයි. ඇයි හදිසි නීතිය පැනවූයේ? අපේ රට තුළ ත‍්‍රස්තවාදී තර්ජනයක් හෝ කුමන හෝ හදිසි තත්ත්වයක් ඇතිවෙලාද? මොන හේතු නිසාද ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කළේ? සමාජ මාධ්‍ය අවහිර කළේ ඇයි කියලා අපට දැන ගැනීමට අවශ්‍යයි.

මේ රටේ දැන් මුදල් ඇමැති කෙනෙක් ඉන්නවාද? ඊයේ මුදල් ඇමැතිවරයා ඉල්ලා අස්වුණා. සවස භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස්වුණා. අපි දැන ගන්න ඕනා මුදල් ඇමැති කව්ද කියලා. දැන් රටේ පවතින ආර්ථික අර්බුදයට උත්තර දෙන්නේ කව්ද?

ඒ වගේම අපි දැක්කා ඊයේ සාමකාමී උද්ඝෝෂණ මැදට නිල ඇඳුම් ඇ`දගත් පිරිසක් අංක තහඩු නැති මෝටර් බයිසිකල්වලින් ආයුධ ඇතිව ඇවිත් පොලිසිය සමග ගැටුමක් ඇති කර

ගන්නවා. ඒ ආවේ කව්ද? වෙනම කල්ලියක්ද? රහසිගත කණ්ඩායමක්ද? අපිට ඒ ගැන පැහැදිලි කරන්න.

දැන් රට තුළ බරපතළ ආර්ථික අ්ර්බුදයක් තිබෙනවා. ජනතාව විවිධ පෝලිම්වල සිටිනවා. තරුණ තරුණියන්ට රැුකියා අහිමි වෙලා. රටේ ඩොලර් හි`ගයක් තිබෙනවා. මේ ඩොලර් හ`ිගයට විසඳුමක් ලෙස අර පැන්ඩෝරා පති‍්‍රකාවලින් හෙළි කළ මුදල් ආපසු ගෙන්න ගනිමු. ඒවා ජනතාවගෙන් හොරා කාපු මුදල්. ඒ ඩොලර් ටික ආපසු ගෙන්නගමු. එහෙම වුණොත් අපිට මේ ඇතිවෙලා තිබෙන හ`ිගකම් නැති කර ගන්න පුළුවන්. පැන්ඩෝරා හෙළි කළ ඒ හොරා කාපු මුදල් ටික ගෙන්න ගමු.

ඊට පිළිතුරු දුන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා

ගරු කථානායකතුමනි, විපක්ෂනායකතුමා ප‍්‍රධාන කරුණු කිහිපයක් නගලා තියෙනවා. ඒ වගේම කථානායකතුමා ඊයේ පවත්වපු පක්ෂ නායක රැුස්වීම ගැන ප‍්‍රකාශයක් කළා. අපි අගය කරනවා පක්ෂ නායක රැුස්වීම ඔබතුමා ඊයේම කැඳවීම ගැන. එහිදී සාකච්ඡුා කරන්න පුළුවන් වුණා රටේ තියෙන තත්ත්වය ගැන. ඒ වගේම විවිධ මත තිබෙන්නට ඇති. යළිත් අද දිනයේ රැුස්වන බව කථානායකතුමා ප‍්‍රකාශ කළා. රටේ ආර්ථික තත්ත්වය තුළ එදිනෙදා මහජන ජීවිතය තුළ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. අඩුපාඩුකම් නිසා ඇති වී තිබෙන බව අපි රජයක් හැටියට පිළිගත්තා. ඒ අනුව ගත් පියවර ඊයේත් පැහැදිලි කළා. ඒ අනුව කටයුතු කරන ආකාරය බොහෝම විවෘතව දේශපාලන පක්ෂ සියල්ලටම පාර්ලිමේන්තුවේ ආරාධනය කර තියෙනවා, අතිගරු ජනාධිපතිතුමා.

ඊට අතිරේකව මම සඳහන් කරන්න කැමතියි, හදිසි නීතිය නිකම් ප‍්‍රකාශ කළේ නැහැ. මම පුදුම වෙනවා, කනගාටු වෙනවා. මේ රටේ අනාගතය වගකීම් භාර ගන්න සිටින විරුද්ධ පක්ෂයේ නායකතුමා ප‍්‍රකාශ කරනව නම්, දන්නේ නැතිනම් අතිගරු ජනාධිපතිතුමාගේ නිවස වටලා එතුමාට ප‍්‍රහාරයන් එල්ල කිරිමට ප‍්‍රචණ්ඩත්වයෙන් හැසිරීම කවුරුත් දුටුවා, කවුරුත් දන්නවා, ඒ අනුව පොලිස් ඇඳිරි නිතීය ප‍්‍රකාශ පත් කරන්න වුණා. මහජන දේපොළ ගිනි තියලා දැම්මා. පිරිසක් අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. ඉතිං මේවා මත රටේ හදිසි තත්ත්වයක් උද්ගත වුණා. ඒ අනුව ගන්න පියවර ඕනෑම ආණ්ඩුවක් විසින් ගන්නවා. ඒ වගේම මහජන ජීවිත තවදුරටත් ආරක්ෂා කිරීමට ඒ හදිසි පියවර පොලිසි හදිසි නීතය ප‍්‍රකාශ කළා. ඒ වගේම ඉන් පස්සේ ඒ පසුබිමේ තත්ත්වය මත, හදිසි නීතිය ප‍්‍රකාශ කළා. ඊට පස්සේ ගරු කථානායකතුමනි, හංගන්න දෙයක් නැහැ. ඔබතුමා කියෙව්වා හදිසි නීත නිවේදනය සභාවට, අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරපු.

අපි දේශපාලන පක්ෂ අතර මතභේදයක් නොවෙයි, අපි ඇඳිරි නීතිය ප‍්‍රකාශ කරන්න සිද්ධ වුණා. මොකද රට පුරා විවිධ ආකාරයේ උද්ඝෝෂණයන්, තර්ජනයන්, විවිධ කඩාකප්පල්කාරී ක‍්‍රියාවන් ඇති වුණා. අපි කිසිවකු කිසිවිට කියන්නේ නැහැ අපිටත් ඔබ වාගේම, විපක්ෂය කියන විදියට හොඳට දන්නවා පෝලිම් තිබුණා හැම තැනම. භූමිතෙල් පෝලිම්, ඞීසල් පෝලිම්, ගෑස් පෝලිම් ඒ වගේම විදුලිය කඩා වැටීමේ ප‍්‍රශ්නයක් තිබුණා. මාස කිහිපයක්ම අපි ගැටලූවකට මැදිවෙමින් සටන් කරමින් සිටියා විදුලි තත්ත්වය නිවැරදි කරන්න. ආර්ථීක මූල්‍ය අර්බුදයන් තුළ එම තත්ත්වය අඩු කරගන්න පුළුවන් තත්ත්වයක සිටිනවා කාගේත් යහපත සඳහා.

ඒ නිසා හදිසි නීතීය මේ යම් යම් ප‍්‍රධාන වශයෙන් වූ ක‍්‍රියාමාර්ග සඳහා ප‍්‍රකාශයට පත් කරන්න සිදු වුණා. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක මණ්ඩලය හවස රැුස්වී, රාත‍්‍රිය වෙනකොට හදිසි නීති නියෝගය ඉල්ලා අස්කරගෙන තියෙනවා. එය අද නිවේදනය කරලා, ප‍්‍රසිද්ධියට පත් කරලා, ගැසට් නිවේදනය පිට කරලා තියෙනවා. ඇයි, ආරක්ෂක මණ්ඩලය විශ්වාස කරනවා විවිධ උද්ඝෝෂණ තිබුණත්, මේ වෙලාවට අත්‍යවශ්‍ය වන්නේ නැති නිසා ඒ තීරණය අරන් තියෙනවා. ඇයි ඒක අගය කරන්නේ නැත්තේ?.

එතකොට ගරු කථානායතුමනි, ඒ තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වෙනවා එදිනෙදා තත්ත්වය, ගැටලූ තිබෙන බව ඔබතුමා කිව්වා. ගැටලූ සාකච්ඡුා කරන්න පක්ෂ නායකයන් සියලූදෙනා එකඟතාව ප‍්‍රකාශ කළා. රජයත් ඇතුළත්ව. ඉතිං ඒ සාකච්ඡුාව මඟින් මේ තත්ත්වය සමනයට පත්කර ගැනීමට ඒකායන ප‍්‍රජාන්ත‍්‍රවාදී මාර්ගය අපි යෙදී තිබෙනවා. මම ගෞරවයෙන් කියන්න ඕන විරුද්ධ පක්ෂයේ නායකතුමන්ට, ඒ නිසා කලබලකාරි තත්ත්වයන්ට හැම ආණ්ඩුවකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සදාකාලික ඇඳිරි නීතියක්, හදිසි නීතියක් නැහැ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment