A – 3 සමතුන් 9904ක්

598

27,158ක් විෂයයන් තුනම අසමත්

නැවත සමීක්‍ෂණ අයදුම්පත් හෙට සිට 16 දා තෙක් ඔන්ලයින් ක්‍රමයට

63.3% ක් සරසවි වරම් ලබති

ලබන වසරේ සිට සියලු විභාග නියමිත කාලයේ

● භෞතික විද්‍යාවෙන් – රාජකීයේ මනෙත්

● ජීව විද්‍යාවෙන් – සුජාතාවේ ප්‍රමුදි

● වාණිජ්‍ය – සිරිමාවෝ බාලිකාවේ කවිදිනි

● කලා – කෑගල්ල ශා. ජෝෂප් බාලිකාවේ සචිනි

● ජෛව තාක්‍ෂණ – දේවි බාලිකාවේ රුවිනි

● ඉංජිනේරු තාක්‍ෂණ – රිච්මන්ඩ් විදුහලේ සමුදිත

විෂය ධාරා හයක් යටතේ ප්‍රතිඵල නිකුත් වූ 2022 උ.පෙළ විභාගයේදී සිසු සිසුවියන් 9904 දෙනකු විෂයන් තුනටම ඒ සමාර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (05 දා) පැවසීය.

ජීව විද්‍යා ධාරාව යටතේ ඒ සාමාර්ථ 817 ක්, භෞතික විද්‍යා ඒ සමාර්ථ 1068 ක්, වාණිජ ඒ සමාර්ථ 4,198 ක්, කලා ඒ සමාර්ථ 3622 ක්, ඉංජිනේරු තාක්‍ෂණ ඒ සමාර්ථ 90 ක් ජෛව පද්ධති තාක්‍ෂණය ඒ සමාර්ථ 73 ක් මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත්වූ සිසු සිසුවියන් විසින් ලබාගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (05 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

අයදුම්කරුවන් 263,933 ක් විභාගයට පෙනී සිටි අතර ඉන් 166938 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවත් සියලුම විෂයන් අසමත් සංඛ්‍යාව 27,158 ක් බවත් හෙතෙම කීය. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සියයට හැටතුනයි දශම තුනක් බවද 2021 වර්ෂයේ සමත්වීමේ ප්‍රතිශතය සියයට හැට දෙකයි දශම නවයක් (62.9) වූ අතර මෙවර එය සියයට දශම හතරකින් ඉක්මවා ගොස් ඇතැයිද ඒ මහතා කීය.

විභාගයේ නැවත සමීක්‍ෂණ අයදුම්පත් සැප්තැම්බර් 07 සිට සැප්තැම්බර් 16 දක්වා මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බවත් මෙවර ප්‍රතිඵල නිකුත් කර තිබියදී නැවත වරක් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සිසු සිසුවියන් සිටීනම් ඔවුන් වෙනුවෙන් පමණක් සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 16 දක්වා මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකි බවද ජයසුන්දර මහතා කීය. 2023 වර්ෂයේ පැවැත්විය යුතු සාමාන්‍ය පෙළ විභාගය 2024 මාර්තු මාසය තුළ පැවැත්වීමට අදහස් කරගෙන සිටින බවද 2024 වර්ෂයේ සිට පුරුදු පරිදි නියමිත කාලයට විභාග පැවැත්වීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

2023 උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් අයදුම්පත් කැඳවා ඇති අතර ඒ සඳහා අයදුම්පත් 326000 ක පමණ ලැබී ඇති බවත් කී ඒ මහතා එය සාමාන්‍යයෙන් වර්ෂයකට ඉදිරිපත් වන සංඛ්‍යාවට ආසන්න බවත් කීය. එම නිසා මෙවර විභාගයට පෙනී සිට නැවත 2023 විභාගයට පෙනී සිටීමට සිසුන්ට දී ඇති දිනයන් දීර්ඝ නොකරන බවද ඒ මහතා කීය.

වෙනත් වර්ෂවල මෙන් මෙවර විෂය බාහිරව ප්‍රශ්න ලබාදී ඇති බව ඇතුළු විවිධ චෝදනා විභාග දෙපාර්තමේන්තුවට එල්ල නොවූ බවද ඒ මහතා වැඩිදුරටත් කීය. මාධ්‍ය හමුව සඳහා නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසිත සමරකෝන් මහතාද එක්විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment