Academy සාමාජිකත්වය හිමි පළමු දකුණු ඉන්දීය නළුවා සූර්යා  

324

සෑම වර්ෂයකදීම සුප්‍රසිද්ධ ධිජ්ර සම්මාන උළෙල පවත්වනු ලබන Academy of Motion Picture Arts and Science විසින් 2022 වසරේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආරාධනා කෙරුණු කලාකරුවන් 397 ක ලයිස්තුවක් නිකුත් කර ඇත.

Academy සාමාජිකත්වය හිමි පළමු දකුණු ඉන්දීය  නළුවා සූර්යා  

මේ අතර ඉන්දීය කලාකරුවන් කිහිප දෙනකුද සිටින අතර ඒ සියලු දෙනාගෙන් විශේෂ අවධානයක් ලබා ගැනීමට සුපිරි දකුණු ඉන්දීය නළු සූර්යා Suriya සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි කාජල් සමත් වී තිබේ. සූර්යා ප්‍රධාන රංගනයෙන් දායක වූ Soorarai Pottru සහ Jai Bhim චිත්‍රපට සඳහා දෙස් විදෙස් විශාල විචාරක පැසසුම් ලැබීමත් සමඟ ඔහුව මේ සඳහා තේරි පත්ව ඇති බව සඳහන් වන්නේය. එසේම Suriya මෙම Academy සාමාජිකත්වය ලබන ප්‍රථම දකුණු ඉන්දීය රංගන ශිල්පියා ද බවට පත්වීමට නියමිතය. බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන Kajol Devgn හටද මෙම Academy සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආරාධනා ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment