ACL Cables PLC ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම් 40 අතරට එක් වූ එකම කේබල් සන්නාමය බවට පත් වෙයි

65

ශ්‍රී ලංකාවේ අංක එකේ කේබල් සමාගම වන ACL Cables PLC ප්‍රමුඛතම Business Today සඟරාවේ 2021/2022 වසර සඳහා නම් කළ හොඳම ආයතන 40 අතරට එක් වෙමින් ශ්‍රී ලංකාවේ හොඳම ආයතන 40 අතරට ශ්‍රේණිගත වීමට පසුගියදා සමත් විය.

එහිදී එම ආයතන ලැයිස්තුවෙහි 32 වන ස්ථානය හිමි කර ගනිමින් හොඳම ආයතන 40 අතරට එක්වීමට ACL Cables සමත් වූයේ ප්‍රථම වරට එම කීර්තිමත් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට ඇතුළත් වීමේ ගෞරවයද හිමි කර ගනිමිනි. එසේම එම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තයේ පිළිගත් සමාගම් 3 අතුරින් එකක් ලෙසද ACL Cables සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත්ව ඇත.

Business Today TOP 40 ශ්‍රේණිගත කිරීම තුළින් වාර්ෂිකව ප්‍රමුඛ ආයතනික ක්‍රියාකාරීන් හඳුනා ගැනීමට කටයුතු කරන අතර රට තුළ පවතින අර්බුධකාරී තත්වය මධ්‍යයේ ධනාත්මක මූල්‍ය වර්ධනයක් වාර්තා කළ ඉහළම ආයතනික කාර්ය සාධනයන් 2021/22 වසර සඳහා Business Today විසින් ඇගයීමට ලක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ACL Cables හි කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා සඳහන් කර සිටියේ “ කේබල් සහ විදුලි ක්ෂේත්‍රයේ අංක එකේ සන්නාමය බව අපි නැවත වරක් ඔප්පු කර ඇති අතරම අපගේ තරඟකරුවන් අභිබවා යමින් ක්ෂේත්‍රයේ සැබෑ නායකයා ලෙස තව දුරටත් රැඳී සිටීමට අන් අයට වඩා ඉදිරියෙන් ගමන් කිරීමට කටයුතු කර තිබෙනවා. දුෂ්කර හා අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වුව අප ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මම බෙහෙවින් සතුටට පත් වෙනවා. අපගේ මුදල් ප්‍රවාහය ඵලදායී ආකාරයෙන් කළමනාකරණය කිරීමට කටයුතු කළ අපි අපගේ ඉහළ පෙළට සහ පහළම පෙළට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සියලුම ව්‍යාපාර ක්ෂේත්‍ර හරහා ආයෝජන ඉහළ නැංවීමට සැමවිටම අපේක්ෂා කරනවා. මෙම උපාය මාර්ගය හේතුවෙන් පසුගිය මූල්‍ය වර්ෂයේ හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට අපට හැකි වූ බව සඳහන් කළ හැකියි” යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment