AIA ඉන්ෂුවරන්ස් සමාගමට සහ NDB බැංකුවට 9 වන Asia Trusted Life Agents & Advisers 2024 සම්මාන උළෙලේදී ගෞරවාන්විත ජයග්‍රහණයක්

20

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සහ ඔවුන්ගේ දීර්ගකාලීන බැංකු රක්ෂණ සහකරු වන ජාතික සංවර්ධන බැංකුව (NDB) 9 වන Asia Trusted Life Agents & Advisers 2024 2024 සම්මාන උළෙලේදී Bank Partner of the Year සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම ගෞරවනීය ජාත්‍යන්තර සම්මානයෙන් දේශීය සමාගමක් පිදුම් ලද ප්‍රථම වතාව මෙය වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමටත් NDB බැංකුවටත් එය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කෙරිණි. මෙම සම්මානය ඔස්සේ ක්ෂේත්‍රය තුළ දශකයකට අධික කාලයක් පුරාවට පාරිභෝගික සේවාවේ සුවිශේෂී මානයන් නිරතුරුව අත්කරගනිමින්, අසමසම ශක්තියෙන් සහ සාර්ථකත්වයෙන් යුතුව පැමිණි සහයෝගීතාවයේ ගමන්මග ඇගයුමට ලක්කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment