AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය. AIA, දශක 2කට ආසන්න කාලයක් තුළදී, බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ ක්‍රමක් ක්‍රමයෙන් පරිනාමනය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේදී සමරන ලදී.

AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමගින් බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇත. ඒ අතරින් NDB සහ ෘත්‍ක්‍ක්‍ යන බැංකු සමගින් AIA දීර්ඝ කාලීන සහයෝගීතාවන් පවත්වාගෙන යන අතර පසුගිය වසර ගණනාව පුරාවට AIA හි ගමන් මග තුළ ලද සාර්ථකත්වය සඳහා මෙම සහකරුවන් ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇත.

තවද මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුල තවදුරටත් සිය පියසටහන් විහිදුවමින් AIA නොබෝදා කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරු ලෙස සුවිශේෂී වූ හවුල්කාරිත්වයකට එළැඹිණි. මෙම උත්සවයේදී AIA – NDB සහයෝගීතාවයේ වර්ධනය වෙනුවෙන් නායකත්වය දෙමින් සිදුකල කාර්යභාරය වෙනුවෙන් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල ඩිමන්ත සෙනෙවිරත්න මහතාව ඇගයීමට ලක්කිරීමද සිදුවිය. මෙම බැංකු සමගින් ඇති සහයෝගීතාවයන්ට අමතරව NDB වෙල්ත් කළමනාකරණ සමාගම සමගින් ශක්තිමත් හවුල්කාරිත්වයකට ද AIA එළඹ ඇති අතර ප්‍රමුඛ රක්ෂණ බ්‍රෝකර් සමාගම් සමගින් පවත්වාගෙන යන්නා වූ සබඳතාවයන් තවදුරටත් පවත්වාගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment