AIA ඉන්ෂුවරන්ස් වෙතින් ඇය සුරකින AIA‘ කාන්තා වැඩසටහනක්

80

මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද ‘ඇය සුරකින AIA‘ නම් වූ කාන්තා රක්ෂණ වැඩසටහනට අදාළ ක්‍රමෝපයෙහි එක් අංගයක් වේ. මෙම වැඩසටහන ඔස්සේ කඩිනම්ව කාන්තා පුරුෂ සමානාත්මතාව සඳහා සංවේදී ශ්‍රම බලකායක් ඇති කරමින් වැඩි වැඩියෙන් කාන්තාවන් ශ්‍රම බලකායට එකතු කර ගැනීම සඳහා රැකියා අවස්ථා ඇතිකරලීම සිදු කරනු ලබයි. විශේෂයෙන් මේ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත කාන්තාවන් එකතු කරගනිමින් ඔවුනට දැනුම පුහුණුව මෙන්ම රැකියා අවස්ථාද ලබා දෙයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යනු සමාජයීය සහ සදාචාරාත්මක වශයෙන් අවශ්‍ය කරුණක් ලෙසම ආරථික වශයෙන් ද අත්‍යවශ්‍ය වන කරුණකි. ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ 2015 AXA Group සහ Accenture හි SheForShield වාර්තාවට අනුව 2030 වසර වනවිට ජාත්‍යන්තර වශයෙන් රක්ෂණ වෙළඳපොල කාන්තාවන්ගේ නියෝජයනය සඳහා ඇති අවස්ථාවන්හි අගය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක් ලෙස දක්වා ඇත. එමෙන්ම මෙම අවස්ථාවන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අවස්ථා ශ්‍රී ලංකාව වැනි අලු‍තෙන්ම බිහිවෙමින් පවතින වෙළෙඳපොල තුලින් ඇතිවිය හැකිබව අනුමාන කෙරේ. එබැවින් AIA වැනි ප්‍රමුඛ පෙලේ ආයතන ඔවුන්ගේ ශක්තීන් වෙළෙඳපොල වෙත එවන් ඇතුලත් කිරීම් සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ. වෙළෙඳපොල තුළ කාන්තා ශ්‍රම බලකා නියෝජනයෙහි සැලකිය යුතු අඩුවක් ඇති අතර වැඩි වැඩියෙන් කාන්තාවන් ව්‍යවසායිකාවන් සහ සේවානියුක්තිකයන් ලෙස වෙළෙඳපොල වෙත එකතු වීම ශ්‍රී ලාංකික ආර්ථිකයට සැලකිය යුතු වටිනාකමක් එකතු කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment