AIA ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස තෙවන වතාවටත් ඇගයේ

98

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෙවන වතාවටත් පිදුම් ලබා ඇත.

මෙම සම්මානය ප‍්‍රදානය කර ඇත්තේ ගෞරවනීය ජාත්‍යන්තර සමාගමක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (2021) වන අතර මෙම ගෞරවාන්විත ඇගයීම ඔස්සේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සැලකිය යුතු පමණින් දායකත්වයක් සපයන සැබෑ ලෙස සිය හවුල්කරුවන් වෙත අගයන් එකතු කරන්නා වූ සමාගම් හදුනාගනු ලබයි. මෙම ගෞරවනීය ඇගයුම සඳහා, ශ‍්‍රී ලංකාවේ මූල්‍ය කේෂේත‍්‍රය සහ ලෝක ආර්ථිකය සඳහා වන ප‍්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳව විස්තරාත්මක තක්සේරු කිරීමක් කර විශ්ලේෂණක් සිදුකරන ලදී. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින්, අසමසම සැලසුම් සහ සේවා ඔස්සේ, ඉහළ තලයේ පාරිභෝගික අත්දැකීම් ලබා දෙමින් පොදුවේ මුළුමහත් සමාජය වෙත සිදුකරන්නා වූ විශිෂ්ට දායකත්වය මෙම සම්මානය දිනා ගැනීමෙන් මනාව පිළිබිඹු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment