ජාතියේ නවතම ජාත්‍යන්තර ගුවන් සේවාව ලෙස Air Ceilao සමාගමේ ආරම්භයත් සමග මෙරට ගුවන් සේවා ඉතිහාසයේ රසවත් නව පරිච්ඡේදයක් සනිටුහන් වනු ඇත.
දේශීය ගුවන් සේවා කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ අභිලාෂය පෙරදැරිව, Air Ceilao සමාගම කලාපීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්ථානගත වීම උපයෝගී කරගනිමින් ගුවන් සේවා ක්ෂේත්රයට නව අඩිතාලමක් සකස් කිරීමට සූදානම් වේ.
මෙය තවත් එක් ගුවන් සේවාවක් පමණක් නොවන අතර, පූර්ණ සේවා ලබාදෙන ගුවන් සේවා සමාගම්වල ගුණාංගද, අඩු වියදම් ගුවන් සේවාවල පිරිමැසුම්භාවයද ඒකාබද්ධව ප්රමුඛ පෙළේ ගුවන් සේවාවක් බවට පත්වීම අරමුණු කරගත්තකි. එමගින් විචක්ෂණශීලි පාරිභෝගිකයන් සහ අවම වියදමින් ගමන් කිරීමට බලාපොරොත්තුවන්නන් යන දෙපාර්ශවයටම ගැළපෙන සේවාවක් ලබාදීම අරමුණු කරගනියි. ගුවන් ගමන් සිදු කිරීම තවදුරටත් සුඛෝපභෝගීබව සහ මිල අතර තේරීමක් නොවන අතර එය පාරිභෝගිකයන්ගේ සෑම අවශ්‍යතාවයක්ම සැබැවින්ම අවබෝධ කරගනිමින් ඒවා සපුරාලන අත්දැකීමක් බවට පත්වනු ඇත.