Ansell Lanka ආයතනය, සේවය කිරීම සඳහා සුදුසුම රැකියා ස්ථානයක් ලෙස නිල වශයෙන් නම් කෙරෙයි

50

උසස්ම සෞඛ්‍ය සහ ආරක්ෂණ විසඳුම් සම්පාදනයේ ගෝලීය ප්‍රමුඛයකු හා සබැඳි Ansell Lanka සමාගමේ සේවකයින් කේන්ද්‍ර කරගත් සේවා සංස්කෘතිය අගයමින්, එය සේවය කිරීම සඳහා සුදුසුම රැකියා ස්ථානයක් (Great Place to Work CertificationTM) වලස පසුගියදා නම් කෙරුණි.

Great Place to Work ආයතනය මගින් හඳුන්වාදී ඇති Trust Index හි සියයට 85ක ධනාත්මක ප්‍රතිචාර ප්‍රමාණයක් සමඟින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට Ansell Lanka සමාගම සමත්විය.

සවිමත් සේවක සබැඳියාවක් කෙරෙහි Ansell Lanka සමාගම සතු උනන්දුව මෙම ජයග්‍රහණයහරහා මනාව පිළිබිඹු වේ. Ansell Lanka සතු ගෝලීය වටිනාකම්වන ඒකාබද්ධතාව, කඩිසරබව, උද්‍යෝගය, කණ්ඩායම් හැඟීම, විශ්වාසනීයත්වය, නිර්මාණශීලිත්වය, සහභාගීත්වය සහ විශිෂ්ටත්වය පෙරටුකර නිමින් එහි කාර්ය මණ්ඩලය කටයුතු කරන බැවින් එම ගුණාංග ආයතනයේ සේවා සංස්කෘතිය තුළ මුල් බැසගෙන තිබේ. තවද ආයතනයට අලුතින් සේවකයින් පැමිණීමේදී පවා එම ගුණාංග ඔවුන්ට හඳුන්වා දීම වෙනුවෙන් විවිධ්ධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට සමාගම කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment