Avatar Neytiri විස්තරේ මෙන්න… හොලිවුඩයේ රංගාවතාරය සෝයි සල්ඩානා

157

හොලිවුඩ් කියන්නේ බොලිවුඩ් තරම් වර්ණවත් නොවුණත් ආකර්ශනීය බවින් අඩුවක් නැති වෙනස්ම ලෝකයක්. ලෝක සිනමාව ඇතුළේ විවිධත්වයෙන් යුක්ත මාතෘකා පිළිබඳව අවධානය යොමු කරන හොලිවුඩය ප්‍රේක්ෂකයන්ට නිරන්තරයෙන් වෙනස් විදිහේ අත්දැකීම් ලබාදෙනවා. ජේම්ස් කැමරන් කියන්නේ අන්න ඒ වගේ වෙනස් අත්දැකීම්වලට ප්‍රේක්ෂකයන් අරගෙන යන සුපිරි අධ්‍යක්ෂකවරයෙක්. ද ටර්මිනේටර්, ඒලියන්ස්, ටයිටැනික්, අවතාර් වැනි සිනමාපට ඔස්සේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරපු ඔහුගේ නවතම සිනමා නිර්මාණය තමයි Avatar: The Way of Water සිනමාපටය. මේ දවස්වල බොහෝ දෙනා Avatar: The Way of Water සිනමාපටය ගැන කතා කරනවා. ලෝකය පුරා ආදායම් වාර්තා තබමින් තිරගත වන Avatar: The Way of Water නොබලපු කෙනෙක් නැති තරම්.

හැබැයි අපි අද කතාකරන්න යන්නේ මේ චිත්‍රපටය ගැන නම් නෙවෙයි. චිත්‍රපටයට සම්බන්ධ වෙනත් කෙනෙක් ගැන. එයා නිසා මේ චිත්‍රපටයට ලැබිලා තියෙන එළිය සුළුපටු එකක් නෙවෙයි. ඇය තමයි අද අපේ කතා නායිකාව. ඒ තමයි නේටි්‍ර එහෙම කීවම තමයි ගොඩක් අය ඇයව හඳුනන්නේ. නමුත් ඇත්තටම නේටි්‍ර විදිහට අපිව රසවත් කරන්නේ සෝයි සල්ඩානා නම් සුරූපී අති දක්ෂ හොලිවුඩ් රංගන ශිල්පිණිය විසිනි. ඒ නිසා අපි අද හිතුවා එයා ගැන කතා කරන්න. වයස අවුරුදු 44 ක් වන සෝයි තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ 2000 වර්ෂයේදී. ඒ සෙන්ටර් ස්ටේජ් සිනාමපටයෙන්. එදා සිට අද දක්වා සෝයි හොලිවුඩ් සිනමාපට රැසකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා.

Avatar Neytiri විස්තරේ මෙන්න… හොලිවුඩයේ රංගාවතාරය සෝයි සල්ඩානා

නමුත් ඇය මේ වෙනකොට ලෝකයේ වැඩිම ආදායමක් උපයපු සිනමාපට ගොන්නේ නිර්මාණ 04 කට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා කියන කාරණය ගොඩක් අය දන්නේ නැහැ. avatar, avatar: The Way of Water, avenger, Infinity War, avenger End game තමයි ඇය රංගනයෙන් දායක වූ ඒ කියන නිර්මාණ. අනිත් කාරණය තමයි මේ හැම නිර්මාණයකම ඇය රඟපාන්නේ එකකට එකක් වෙනස් චරිත. ඒ නිසා තමයි අපි ඇය ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ. මේ වෙනකොට ඇය රංගනයෙන් දායක වූ සිනමාපට ලොව පුරා තිරගත වීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 13කට වඩා වැඩි ආදායමක් උපයලා තියෙනවා. ඒ අනුව වැඩිම ආදායමක් උපයන නිළියන්ගේ ලැයිස්තුවේ සෝයි ට හිමි වෙන්නේ දෙවැනි ස්ථානය.

Avatar Neytiri විස්තරේ මෙන්න… හොලිවුඩයේ රංගාවතාරය සෝයි සල්ඩානා

මුද්‍රා නාට්‍ය නිළියක් විදිහට ආරම්භ කරපු ඇයගේ රංගන ජීවිතය දක්ෂතම නිළියක් විදිහට ස්ථාවර වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ආෆ්ටර් සෙක්ස්” බ්ලැකවුට් සහ වෙන්ටේජ් පොයින්ට් වැනි නිර්මාණ ඔස්සේ ඇය පළ කළ දක්ෂතාවයන් කිසිම දිනයක ප්‍රේක්ෂකයන්ට අමතක වෙන එකක් නැහැ. 2010 වසරේදී ඇය ඇගේ දිගුකාලීන පෙම්වතාවන කෙයිත් බි්‍රටන් සමගින් විවාහ වන ඇය 2011 වසරේ නොවැම්බර්වල ඔහුගෙන් දික්කසාද වනවා. ඉන් පසුව ඇය සම්බන්ධ වෙන්නේ බ්‍රැඩ්ලි කූපර් සමගින්. ඒ විවාහය 2011 වසරේ සිට 2013 වසර දක්වා පැවතියා. විවාහ ජීවිතයේ නොයෙක් නොගැළපීම් හමුවේ ඔහුගෙන් වෙන් වෙන ඇය නැවතත් ඉතාලි කලාකරුවකු වන මාර්කෝ සමග පෙම් සබඳතාවක් පටන් ගන්නේ 2013 වසරේදීමයි. මේ විවාහයෙන් ඇයට 2014 වසරේදී නිවුන් දරුවන් දෙදෙනෙක් ලැබුණු අතර 2017 දී තවත් පිරිමි දරුවෙක් උපදිනවා.

පෞද්ගලික ජීවිතේ මොන විදිහේ එකක් වුණත් සෝයි තමන්ට අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම සමාජ සේවා කටයුතුවල නිරත වෙනවා. ඒ වගේම සෝල් කියන්නේ ජනප්‍රිය වගේම ක්‍රියාකාරී විදිහට සමාජ මාධ්‍යයේ ක්‍රියා කරන පුද්ගලයෙක්. 2009 වසරේ Avatar පළමු සිනමාපටයේ රගපෑමෙන් අනතුරුව ඇය නැවතත් 2022 වසරේ එහි 2 වැනි කොටස වන Avatar: The Way of Water හි Neytiri නමැති චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවන්නට වාසනාවන්ත වුණා. 2024 වසරේ නැවතත් මෙම චිත්‍රපට මාලාවේ 3 වැනි අදියරත් එක්ක වගේම පැරමවුන්ට් රූපවාහිනී කතාමාලාවකිනුත් අපිට ආයෙමත් සල්ඩානාව දැකබලාගන්න අවස්ථාව හිමිවෙයි. ඇය පවසන්නේ ්ඩ්ඒර සිනමාපටයේ නයිටි්‍රගේ චරිතය ලැබීමම ඇය ලද වාසනාවක් බවයි. ඒ නිසාම බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඩඩුවම ඇයට හිමිවෙනවා.

Avatar Neytiri විස්තරේ මෙන්න… හොලිවුඩයේ රංගාවතාරය සෝයි සල්ඩානා

ඇගේ රංගන දක්ෂතාව නිසාම ඇය මේ වෙනකොට අවස්ථා නවයකදී හොඳම නිළිය විදිහට විවිධ සම්මාන උත්සවවලදී සම්මානයට පාත්‍රවෙලා තියෙනවා. මේ ගෙවෙන්නේ ඇගේ රංගන ජීවිතයේ ස්වර්ණමය කාලය කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. අනෙක් නළු නිළියන් වගේ සද්ද බද්ද නොදැම්මත් සල්ඩානා කියන්නේ තමන්ගේ ඉලක්කවලට නිහඬවම ගමන් කරන කෙනෙක් කියලයි විචාරකයන් නම් කියන්නේ.

● අමිල නුවන් මධුසංඛ

advertistmentadvertistment
advertistmentadvertistment