දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව දරුවන්ට නිවසේදී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව 2023 නොවැම්බර් 7 වැනි දින ළමා ආරක්ෂාව නඟා සිටුවීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාව තහවුරු කරමින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණු අතර එහිදී ළමා රෝග පිළිබඳව මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි ගුරුගේ විසින් රචිත මාපිය මාර්ගෝපදේශ කෘතිය එළිදැක්වීමද සිදුවිය.
ළමා මනසට ගැළපෙන සිත් ඇදගන්නා භාෂාවකින් රචනා කර ඇති මෙම කෘතියේ ඉතා වැදගත් කරුණු රැසක් මෙන්ම කවි සහ චිත්‍ර ආදී රසවත් බොහෝ දේ අන්තර්ගත වන අතර ඒ සඳහා ජාතික ළමා ලේකම් කාර්යාලය – කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අනුමැතිය ද හිමි වී තිබේ.