මෙරටට ගලා එන විදේශ ප්‍රේෂණ දිරිමත් කිරීම මෙන්ම සිය විදෙස් ගත ගනුදෙනුකරුවන් ඇගයීම වෙනුවෙන් ලංකා බැංකුව වාර්ෂිකව දියත් කරන ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘ BOC පිට පිට රට තෑගි‘ වැඩසටහනේ තුන් වන අදියර සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

‘BOC පිට පිට රට තෑගි‘ ප්‍රවර්ධන වැඩසටහන හරහා 2024 වසරේදී රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග රැසක් පිරිනැමූ ලංකා බැංකුව, මෙවර ප්‍රථම ත්‍යාගය වශයෙන් සුපිරි නිවසක් ලබා දීමට කටයුතු කළ අතර, එම සුපිරි නිවස දිනා ගනු ලැබූ ජයග්‍රාහකයා වූයේ කේ. කේ. රුවන් චින්තක මහතායි. ඒ මහතාට අදාළ සුපිරි නිවස භාර දීමේ උත්සවය, පසුගියදා කටුනායක මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ, “ලංකා බැංකුවේ අපි නිරන්තරයෙන් අපගේ ගනුදෙනුකරුවන්ට මුල් තැන ලබා දීමට කටයුතු කරනවා. රට රැකියාවකට යන බොහෝ දෙනෙකුගේ ප්‍රධානතම සිහිනයක් වන්නේ තමාට ම කියා නිවෙසක් සාදා ගැනීමයි. ඒ නිසයි අපි මෙවර ‘BOC පිට පිට රට තෑගි‘ ප්‍රවර්ධන වැඩසටහන මගින් ලබා දෙන ප්‍රථම ත්‍යාගය සඳහා නිවෙසක් ලබා දීමට තීරණය කළේ. අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින සැබෑ කර දීම වෙනුවෙන් අපි ඉදිරියේ දීත් නිරන්තරයෙන් කැප වන බව මේ අවස්ථාවේ දී අවධාරණය කිරීමට කැමතියි”‍ යනුවෙනි.

BOC පිට පිට රට තෑගි ප්‍රවර්ධන වැඩසටහනේ සුපිරි ත්‍යාග ලාභියා වන කේ. කේ. රුවන් චින්තක මහතා ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා අතින් තමාට හිමි නිවසේ යතුර ලබා ගන්නා අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment