BOC වයඹ මධ්‍යම ශාඛාව සහ මාවතගම ශාඛාව සුබ මොහොතින් වැඩ අරඹයි

71

සිය වටිනා ගනුදෙනුකාර භවතුන්ට නවතම බැංකුකරණ අත්දැකීමක් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්, ලංකා බැංකුවේ ශාඛාව, වයඹ පළාත් සභා සංකීර්ණය, වත්හිමි පාර, කුරුණෑගල යන ලිපිනයේ දී ලංකා බැංකුවේ වයඹ මධ්‍යම ශාඛාව ලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි.

මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයට වයඹ පළාත් ආණ්ඩුකාර (අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) වසන්ත කරන්නාගොඩ, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති සුමේධ අරුණශාන්ත, වයඹ පළාත් ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක, වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි, ලංකා බැංකුවේ වයඹ පළාත් සහකාර මහා කළමනාකරු කුෂාන් දෙල්ගොඩ, මෙහෙයුම් කළමනාකරු ජේ.ඒ.එන්. ජයසූරිය, ප්‍රාදේශීය කළමනාකාරිණී ගීතා ජයසිංහ, ශාඛා කළමනාකාරිණී ජීවන්ති සේනානායක යන මහත්ම මහත්මීහු සහ ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

වයඹ පළාත ආශ්‍රිතව ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් සමගින් ප්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාදීම ප්‍රතිස්ථාපිත BOC ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල්කරණය වූ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී සේවාවන් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහි දී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදා කර දී ඇත.

එමෙන් ම සිය ගනුදෙනුකාර භවතුන්ගේ බැංකු කටයුතු තව තවත් පහසු කිරීම පිණිස ලංකා බැංකුවේ මාවතගම ශාඛාව, රඹුක්කන පාර, මාවතගම දරණ ලිපිනය වෙත ප්‍රවිෂ්ට වීම ද සුබ මොහොතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, වයඹ පළාත් සහකාර මහා කළමනාකරු කුෂාන් දෙල්ගොඩ, මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් පෙරේරා , මාවතගම ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක මැතිතුමා, මාවතගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.එම්.රත්නායක මැතිතුමා, මාවතගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර්.බී. දිසානායක, ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරු ජේ.ඒ.එන්. ජයසූරිය, ප්‍රාදේශීය කළමනාකාරිණී ගීතා ජයසිංහ, ශාඛා කළමනාකාරිණී පවිත්‍රිකා අල්ගම, මාවතගම වෙළෙඳ සංගමයේ සභාපති බන්දුල ගුණවර්ධන, මාවතගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ඩී.එම්.බී.කේ. දසනායක යන මහත්ම මහත්මීහු සහ ගනුදෙනුකරුවන් පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment