BOC ත‍්‍රිකුණාමලය නගර ශාඛාව ලංකා බැංකුවටම අයත් ගොඩනැගිල්ලකට

108

1981 වසරේ ත‍්‍රිකුණාමලය නගරරේ ස්ථාපනය කරනු ලැබූ ලංකා බැංකුරේ (BOC) ත‍්‍රිකුණාමලය නගර ශඛාව අංක 09, ප‍්‍රධාන වීදිය, ත‍්‍රිකුණාමලය යන ලිපිනයේ පිහිටි ලංකා බැංකුවටම අයත් ගොඩනැගිල්ලක ප‍්‍රතිස්ථාපනය කෙරුණි.

වඩාත් පහසු, නමයශීලී හා කාර්‍යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ ත‍්‍රිකුණාමලය නගර ශාඛාව පසුගියදා සුබ මොහොතින් විවෘත කරන ලදී. පවතින සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුකූලව සංවිධානය කෙරුණු එම උත්සවය ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ ලංකා බැංකුවේ මහා කළමනාකාර කේ. ඊ. ඞී. සුමනසිරි, නිරයෝජ්‍ය මහා කළමනාකාර (විකුණුම් සහ හැසිරවුම් කළමනාකරණ) ප‍්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකාර (ශාඛා බැංකු කටයුතු- කලාප 2) නිලන්ත මෙනේරපිටිය, සහකාර මහා කළමනාකාර (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි සහ ලංකා බැංකුවේ නැගෙනහිර පළාත් සහකාර මහා කළමනාකාර ඩබ්. ඒ. ඒ. වනිගෙසේකර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ජීවත්වන ගනුදෙනුකරුවන් සමාජ, ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් සමගින් ප‍්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාදීම BOC නව ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල්කරණ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහිදී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදා කරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment