BOC පල්ලෙපොළ ශාඛාව නව නිවහනකට

51

සුන්දර පල්ලෙපොළ නගරයට, නවීන ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ, අද්වවිතීය බැංකු සේවාවක් ලබාදීමේ අරමුණින් ලංකො බැංකුව පල්ලෙපොළ ශාඛාව පසුගියදා සුබ මොහොතින් පුරනැගුම ගොඩනැගිල්ල, අකුරේබොඩ පාර, පල්ලෙපොළ යන ලිපිනලේ පිහිටි නව නිවහනට ප‍්‍රවිශ්ඨ විය.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ලංකා බැංකුවේ මහා කළමනාකාර කේ. ඊ. ඞී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකාර (විකුණුම් සහ හැසිරවුම් කළමනාකරණ) ප‍්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකාර (ශාඛා බැංකු කටයුතු- කලාප 2) නිලන්ත මෙනේරපිටිය, සහකාර මහා කළමනාකාර (අලෙවි) අරුණ හෙට්ටටිආරච්චි සහ ලංකා බැංකුවේ මධ්‍යම පළාත් සහකාර මහා කළමනාකාර සරත් විජේසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්, ලංකො බැංකු පල්ලෙපොළ නව ශාඛා පරිශ‍්‍රය උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුවිය.

එම උත්සවයේ සියලූ‍ කටයුතු පවතින සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුකූලව සංවිධානය කිරීමට ලංකා බැංකුව විසින් කටයුතු කරන ලදි.

පල්ලෙපොළ ප‍්‍රදේවශය ආශ‍්‍රිතව ජීවත්වන ගනුදෙනුකරුවන් සමාජ, ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් ප‍්‍රධාන, සේවාවන් රැසක් ලබාදීම ඊධක්‍ නව ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල්කරණ බැැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රාශියක් ලබාගැනීමේ හැකියාවද මෙහිදී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදාකර දී ඇත.

කෘෂිකාර්මික ප‍්‍රදේවශයක් වන පල්ලෙපොළ ප‍්‍රදේවශයේ ජීවත් වන ගොවි ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන් වෙනුවෙන්ම සැකසුණු ණය යෝජනා ක‍්‍රම ඇතුළු පහසුුකකම් රැසක් මෙම ශාඛාව ඔස්සේ ලබාදීමද විශේෂිතය.

advertistmentadvertistment
advertistmentadvertistment