BOC වාද්දුව ශාඛාව නව නිවහනකට

98

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්‍ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්‍ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ වාද්දුව ශාඛාව පසුගියදා සුබ මොහොතින් ලංකා බැංකුවටම අයත් නව ගොඩනැගිල්ලක ප‍්‍රතිස්ථාපනය කරන ලදී.

පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේදයන්ට අනුකූලව සංවිධානය කෙරුණු එම උත්සවය ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතිනක හා අක්වෙරළ බැංකුකරණ) ප‍්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙයෙහුම් හා සංවර්ධන බැංකුකරණ) නිලන්ත මෙනේරිපිටියගේ, සහකාර මහා කළමනාකාරිනී (බස්නාහිර පළාත් 0 දකුණ) නයනා සමන්ති, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි, සහකාර මහා කළමනාකාරිනී (ශාඛා මෙයෙමුම්) ඞී. ආර්. සී. එස්. උදයකුමාරි සහ සහකාර මහා කළමනාකරු (පරිපාලන සේවා) අතුල මල්ලිකාරච්චි යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

වාද්දුව ප‍්‍රදේශය ආශ‍්‍රිතව ජීවත්වන ගනුදෙනුකරුවන්, සමාජ, ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් සමගින් ප‍්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාදීම BOC නව ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල් බැංකුකරණ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහිදී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදාකරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment