BOC සුවිශේෂී ආයෝජන සැලසුම සමග ඔබගේ මුදල් ආයෝජනය කරන 9.5% පොලියක් සමගින් දින 100කදී ඔබේ මුදලේ වටිනාකම ඉහළ නංවා ගන්න

546

ශ‍්‍රී ලංකාවේ අංක1 බැංකුව වන ලංකා බැංකුව මෙරට පාරිභෝගික ඔබගේ ආයෝජන සඳහා දින 100ක් ඇතුළත ඉහළම ප‍්‍රතිලාභ ලබාදීමට කටයුතු කරයි.

ඔබ වෙහෙස මහන්සිවී උපයාගත් මුදලට ලබාගත හැකි වඩාත් සුරක්‍ෂිත මෙන්ම හොඳම කෙටිකාලීන ආයෝජන සැලසුම BOC දින 100 ආයෝජන සැලසුම බව පැවසිය යුතුම කරුණකි.

ආයෝජනයට අදාළ පොලිය කලින්ම ලබාදෙන මෙම ආයෝජන සැලසුම මගින් 9.5% ක ආකර්ෂණීය පොලී අනුපාතයක් ලබාදෙන අතර, ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 2.5කින් මෙම ආයෝජනය ආරම්භ කළ හැකිය.

වසර 82කට වැඩි කාලයක් තිස්සේ ජනතාවගේ විශ්වාසය රැකගැනීමට සමත්වුණු ලංකා බැංකුව මේ රටේ ප‍්‍රමුඛතම බැංකුව වගේම මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත් වෙමින් ගනුදෙනුකරුවන්ට ඉහළ ප‍්‍රතිලාභ බැංකුව වගේම මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත් වෙමන්, ගනුදෙනුකරුවන්ට ඉහළ ප‍්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා. අපගේ සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලලට අමතරව හඳුන්වා දෙන මෙම සුවිශේෂී කෙටි කාලීන ආයෝජන සැලසුම ඉහළ ආයෝජන ප‍්‍රතිලාභයන් ලබාදෙන නිසාම ගනුදෙනුකරුවන්ගේ අඩු ප‍්‍රතිලාභ සහිත විවිධ තැන්පතු මෙම ආයෝජන සැලැස්ම වෙත යොමු කිරීමට හැකියි. ජාතියේ බැංකුකරු විදිහට අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ විවිධ ඉලක්කයන් ජය ගැනීමට නව මූල්‍ය සේවාවන් හඳුන්වාදීම අපගේ අරමුණයි. එය මේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම වෙනුවෙන් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපගේ විශ්වාසය යැයි ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) නිලන්ත මෙනේරිපිටියගේ මහතා ප‍්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment