BOC සෙවණපිටිය ශාඛාව නව නිවහනකට

75

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්‍යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ සෙවණපිටිය ශාඛාව ්ඔඵ පහසුකම්ද සමගින් නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.

මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් – කලාප I ) එස්. සිවන්ජන්, නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් හා බැංකු සංවර්ධන) කේ. ඒ. අජිත් කරුණාරත්න, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි සහ සහකාර මහා කළමනාකරු (උතුරු මැද පළාත) මහින්ද බණ්ඩාර යන මහත්වරු ඇතුළු සෙවණපිටිය ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

සෙවණපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සහයෝගීතාවෙන් ජීවත්වන සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සාමාජීය හා ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් සමගින් ප්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාදීම ප්‍රතිස්ථාපිත BOC ශාඛාවේ අරමුණයි. එමෙන් ම ඩිජිටල්කරණය වූ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහි දී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදා කරදී ඇත

advertistmentadvertistment
advertistmentadvertistment