BOC Holiday Home කතරගමදී විවෘත වෙයි

314

මෙරට අංක එකේ බැංකුව, ලංකා බැංකුව සිය විශිෂ්ටත්වය සහ අද්විතීය සේවාව නැවතත් තහවුරු කරමින් තම ගනුදෙනුකරුවන්, පාර්ශවකරුවන්, විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු කාර්යය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු සියලුම ජනතාවගේ පහසුව අරමුණු කරගනිමින් Ceybank Holiday Home නිවාඩු නිකේතනයක් කතරගම නගරයේ දී විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි යන මහත්වරුන් ගේ අධීක්ෂණය හා උපදෙස් මත ගොඩනැගුණු මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු/ ප්‍රධාන අවදානම් නිලධාරී ජී. ඒ. ජයශාන්ත, නියෝජ්‍ය මහා කළමනාකරු/ ප්‍රධාන නීති නිලධාරී/ Ceybank Holiday Home අධ්‍යක්ෂ භද්‍ර කල්‍යාණප්‍රිය ගුරුසිංහ, නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්)/ Ceybank Holiday Home අධ්‍යක්ෂ දම්ම විජයවර්ධන, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි, වැඩබලන සහකාර මහා කළමනාකාරිණී චම්පිකා හේවාමාන, Ceybank Holiday Home හි සාමාන්‍යාධිකාරී නිමල් ප්‍රනාන්දු සහ ලංකා බැංකුවේ සුබසාධක නිලධාරී රොහාන් කොඩිකාර යන මහත්වරු සහභාගී වූහ.

කතරගම නගරයට පැමිණෙන ජනතාවගේ සුව පහපහසුව උදෙසා ම ආරම්භ කෙරුණු Ceybank Holiday Home නිවාඩු නිකේතනය මගින් සපයන සේවාව දැරිය හැකි මිල ගණන් යටතේ ලබාගත හැකි අතර, එය ලංකා බැංකුවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට විශේෂ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.Holiday Home කතරගම දී විවෘත වෙයි

advertistmentadvertistment
advertistmentadvertistment