BOI කම්හල්වල ගිය වසරේ  අපනයන ආදායම ඉහළට – රාජ්‍ය ඇමැති ඞී. වී. චානක

118

ගිය වසරේ (2021) ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලාවල නිෂ්පාදන අපනයන ආදායම සියයට 23 කින් වර්ධනය වී ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමැති ඞී. වී. චානක මහතා පවසයි.

මේ අනුව එම ආයෝජන මණ්ඩල කාර්මික නිෂ්පාදන අපනයන ආදායම 2001 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 8004 ක් උපයා ගැනීමට සමත්ව ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කියයි.

2020 වසරේදී උපයන ලද මෙම කාර්මික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6527 ක් පමණක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නිදහස් වෙළෙඳ කලාපයේ ආයෝජකයන්ගේ සංගමයේ නිලධාරීන් පසුගියදා සිය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

පවතින වසංගතය හමුවේ නිෂ්පාදන හා අපනයන කි‍්‍රයාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට කම්හල්වල සේව්‍ය – සේවක දෙපාර්ශ්වයම දැඩි කැපවීමකින් කටයුතු කළ යුතු බවත්, විශේෂයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කි‍්‍රයාත්මක කිරීමට විශාල පිරිවැයක් දැරීමට මෙම ආයතන හිමිකරුවන්ට සිදුවූ බවත්, පැවසූ රාජ්‍ය ඇමැතිවරයා කොවිඞ් අවදානම මධ්‍යයේ වුවද ආයෝජන කලාප පවත්වාගෙන යෑමට කටයුතු කළ සියලූ දෙනාට රජය වෙනුවෙන් ස්තුතිය පුද කළේය. යම් හෙයකින් කර්මාන්ත ශාලා දීර්ඝ කාලයක් වසා දැමීමට සිදුවූයේ නම් ඒ හේතුවෙන් යැපෙන්නන් පමණක් නොව ජාතික ආර්ථිකය ද දැඩි අනතුරකට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කළේය.

වසංගතය හමුවේ 2021 වසර තුළ කාර්මික අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 8004 ක් ද 2020 වසර තුළදී එය ඩොලර් මිලියන 6527 ක් ද උපයා දීමට සමත්ව ඇත.

දැනට ශී‍්‍ර ලංකාව උපයා ගන්නා අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් තම අමාත්‍යාංශය හඳුන්වා දෙන බවත්, එහිදී දේශීය ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍ය චානක මහතා පැවසීය.

මෙහිදී නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප‍්‍රනාන්දු මහතා ද අදහස් දැක්වීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment