BOI ලොකු පඩි 7 ට කැබිනට් අනුමැතිය

386

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා ලොකු වැටුපකට අලූතින් නිලධාරීන් පිරිසක් පිටින් බඳවා ගැනීමේදී මහා භාණ්ඩාගාරය විසින් අදාළ නිර්දේශය කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලැබුණු බව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඊයේ (30දා) දහවල් කොළඹ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.

මේ නිලධාරීන් ඉහළ වැටුප් ලබමින් කලින් පෞද්ගලික අංශයේ සේවය කළ අය බවද සභාපතිවරයා කීවේය.

විශාල මාසික වේතන ගෙවමින් පුද්ගලයන් හත් දෙනෙකු ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී පසුගියදා මතු වූ කාරණය ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් ආයෝජන මණ්ඩල සභාපතිවරයා මේ බව කීවේය.

එම නිලධාරීන් සඳහා ගෙවන වැටුප් ප‍්‍රමාණ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව පත් කෙරුණු කමිටුවකින් ඇගයීමට ලක්කර එම කමිටුව මගින් පුද්ගලික අංශයේ නිලධාරීන් සඳහා ගෙවීමට සාධාරණයි කියන නිර්දේශය අමාත්‍ය මණ්ඩලයට ලබාදී තිබූ බවද මොහොට්ටාල මහතා කියා සිටියේය.

එම කමිටුවේ සභාපතිවවරයා ලෙස කටයුතු කළේ මහාභාණ්ඩාගාර ලේකම්වරයා බව ද ආයෝජන මණ්ඩල සභාපතිවරයා සඳහන් කළේය.

ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඒ කමිටුව පත් කළේ අගමැතිවරයා බවද ඉන්පසු ඒ ඒ ආයතනවලට කතා කර අදාළ නිලධාරීන් සඳහා තිබිය යුතු සුදුසුකම් ගැන විමසූ බවද ඔහු කීවේය.

ඒ දැක්මට අනුව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විශේෂ එක්කයක් හදන්න කී බවද ඔහු සඳහන් කළේය.

මේ වසරේ (2021* සැප්තැම්බර් අග වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය ආයෝජන ප‍්‍රමාණයක් රටට ලැබී ඇති බවද සැප්තැම්බර් අග වනවිට සෘජු විදේශ ආයෝජන වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 555 ක් පමණ ලැබී ඇති බවද මේ මාධ්‍ය හමුවට එක්වූ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා කීවේය.

ශ්‍යාම්නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment