C1.2 මාරකයෙන් ගැලවෙමු – එන්නට පෙර අවශ්‍ය පියවර ගන්න ප‍්‍රමාද කරන්න එපා – මහාචාර්ය තිස්ස විතාරණ

170

දකුණු අප‍්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක මේ වනවිට පැතිර යන සී 1.2 (C 1.2) නමැති දරුණු කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති නිසා වෛරසය මෙරටට පැමිණීමට පෙර නිසි අධ්‍යයනයකින් සිටිය යුතුව ඇතැයි වෛරස්වේදය පිළිබඳ ප‍්‍රකට විද්‍යාඥයකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (06 දා) පැවසීය.

දකුණු අප‍්‍රිකාව, දකුණු ඇමෙරිකාව යන රටවලින් මෙම කොරෝනා ප‍්‍රභේදය හඳුනා ගත්තද මේ වන විට එය රටවල් කිහිපයකට ද පැමිණ ඇති බැවින් මෙරටද පැතිරීමේ අවදානම වැඩි බව එම මහතා කීය.

සංචාරකයන් මෙරටට පැමිණීමේදී කොවිඞ් මර්දන එන්නත් දෙකක් ලබා තිබීමත්, එන්නත් දෙක ලබාගෙන නිසි කාලයක් ගතවී ඇතිද යන්න සහ අවිශ්වාසයක් පවතී නම් දින 14 ක නිරෝධායනය සිදුකිරීම යන කරුණු පිළිබඳවත් වැඩි අවදානයක් යොමුකළ යුතු බවද මහාචාර්යවරයා පැවසීය.

මෙම වෛරස් ප‍්‍රභේදය රටට පැමිණ නැතත් එහි රෝග ලක්‍ෂණ, සංකූලතා එන්නතට වෙනත් රටවලදී දක්වා ඇති ප‍්‍රතිචාර වැනි කරුණු කෙරෙහි සෞඛ්‍ය අංශ නිසි අවධානයෙන් සිටිය යුතු බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment