CA Sri Lanka 43 වැනි ජාතික සමුළුව අරඹයි

113

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති පෙර නොවූ විරූ අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ, රට මෙන්ම ජනතාව පත් වී ඇති ආර්ථික ගැටලුවෙන් මුදා ගැනීම සඳහා විනිවිද භාවය හා වගවීම තුළින් පරිවර්තනීය වෙනසක් සිදු කිරීම අත්‍යවශ්‍ය මොහොතක, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් පසුගිය බදාදා සිය වරලත් ගණකාධිකාරීවරුන්ගේ 43 වැනි ජාතික සමුළුව උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ විශාලත ම ව්‍යාපාරික සමුළුව ලෙස සැලකෙන වරලත් ගණකාධිකාරීවරුන්ගේ 43 වැනි ජාතික සමුළුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහි ප්‍රධාන දේශනය ජෛව විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ මහතා විසින් පවත්වන ලදී. මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වුණු මෙම සමුළුවේ සමාරම්භක උත්සවයට ව්‍යාපාරික ප්‍රධානීහු c-suite විධායකයෝ හා ගණකාධිකරණ ක්‍ෂේත්‍රයේ ඉහළ පෙළේ වෘත්තිකයෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.


advertistmentadvertistment