Cameron Diaz යළි රංගනයට

197

කලකට පෙර ලෝක සිනමාවේ සිටි ජනප්‍රියම හොලිවුඩ් රංගන ශිල්පිනියක් වන Cameron Diaz වසර අටක නිහැඬියාව අවසන් කරමින් නැවතත් සිනමා රංගනයට එක්වීමට සූදානමින් සිටිනවා. Netflix ආයතනයෙන් නිෂ්පාදනය කරන Back in Action නැමති මෙම සිනමා නිර්මාණයේ Cameron Diaz රංගනයෙන් එක්වීමට නියමිතව තිබෙන්නේ එහි ප්‍රධාන කාන්තා චරිතයටයි. Back in Action චිත්‍රපටය හාස්‍යමය සහ ක්‍රියාදාම ශානරයට අයත් වේ. Good one production ආයතනය වෙනුවෙන් Back in Action සිනමාපටය නිෂ්පාදනය කරන්නේ Beau Beuman විසිනි. ඔහුට අමතරව Datari Turner සහ Mark Mcnair යන නිෂ්පාදකවරු දෙදෙනාත් සිනමාපටය නිෂ්පාදනය සඳහා දායක වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment