CID DIG ඇතුළු ලොකු පුටු 19 කට මාරු

326

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හත්දෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරුකර යවා ඇත. මෙසේ මාරු කර යැවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් හත්දෙනකු සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.

මාරුකර යැවූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙසේය.

නියෝජ්‍ය පොලිස්පති කේ. එන්. ජේ. වෙදසිංහ – ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය

නියෝජ්‍ය පොලිස්පති වී. පී. සී. ඒ. සිරිවර්ධන – නියෝජ්‍ය පොලිස්පති ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව ලෙස

වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ – අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස් මූලස්ථානය වෙත

වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න – මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. බී. ටී. සුගතපාල – නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද දිසාවගේ පුද්ගලික සහකාර තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු මැද පළාතගේ පුද්ගලික සහකාර ලෙස

සහකාර පොලිස් අධිකාරි ඞී. එම්. එස්. පුස්සැල්ල – අනුරාධපුර කොට්ඨාසයේ සිට කුරුණෑගල කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරි ජේ. එස්. ටී. ජයවර්ධන – කොළඹ දකුණ කොට්ඨාසයේ සිට විනය හා කල්කි‍්‍රයා කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරි ඩබ්. ඞී. එස්. පී. ජයවර්ධන – ති‍්‍රකුණාමලය කොට්ඨාසයේ සිට අම්පාර කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරි ජේ. හසිම්ඞීන් – මොණරාගල කොට්ඨාසයේ සිට කොළඹ දකුණ කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරි ඞී. එම්. ජේ. කේ. දහනක – මන්නාරම කොට්ඨාසයේ සිට කිලිනොච්චිය කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධීකාරි පී. බී. එම්. සී. බස්නායක – කොළඹ උතුර කොට්ඨාසයේ සිට ති‍්‍රකුණාමලය කොට්ඨාසය වෙත

සහකාර පොලිස් අධිකාරි ඒ. පී, එන්. එස්. එස්. පෙරේරා – කුරුණෑගල කොට්ඨාසයේ සිට අනුරාධපුර කොට්ඨාසය වෙත

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. ජී. එස්. සුසන්ත – කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ලෙස

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. ඒ. පී, රණසිංහ – මහනුවර කොට්ඨාසයේ සිට පොත්තපිටිය පොලිස් ස්ථානාධිපති ලෙස

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. පී. අයි. සංජීව – ගම්පහ කොට්ඨාසයේ සිට පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ලෙස

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බී, එන්. බුලත්සිංහල – ඇතිමලේ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බණ්ඩාරවෙල කොට්ඨාසය වෙත

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. ඞී. එස්. සී, නිවුන්හැල්ල – වීර`ගුල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මීගමුව කොට්ඨාසය වෙත

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. එස්. සී. සංජීව – පෝද්දල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ලෙස

පොලිස් පරීක්‍ෂක ඩබ්. ඒ. බී. අරෝෂන් – නුගේගොඩ කොට්ඨාසයේ සිට ගොතටුව පොලිස් ස්ථානාධිපති ලෙස

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment