‘citizenship daddy’ කෙනෙක් අවශ්‍යයි

2053

ජීව විද්‍යාත්මක පියා කවුරුන් වුණත් දරුවාගේ උප්පැන්න සහතිකය වෙනුවෙන් පියාගේ නමට වැදගත් තැනක් ලැබෙනවා. ඒ නිසාම බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන කාන්තාවන්ගේ දරුවන් වෙනුවෙන් පියවරුන් ලෙස පෙනී සිටින පිරිමින්ගේ ව්‍යාපාරයක් දැන් මහා බ්‍රිතාන්‍ය තුළ ස්ථාපිත වී තිබෙනවා.

සංක්‍රමණික කාන්තාවක් නීති විරෝධී ලෙස රැඳී සිටිනවා නම් ඇය බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය ඇති පිරිමියකුට දාව දරුවකු බිහි කළොත් ඒ දරුවා නිරායාසයෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බවට පත් වෙනවා. එතැනින් පසුව දරුවාගේ මවට පවුල වෙනුවෙන් වීසා බලපත්‍රයක් සඳහා අයැදුම් කළ හැකි අතර එතැනින් පසුව ඇයට මහා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින අයිතිය ලැබෙනවා.

● ව්‍යාපාරයක් බවට පත් වෙලා…

ඒ නිසාම සංක්‍රමනික කාන්තාවන්ගේ දරුවන් වෙනුවෙන් උප්පැන්න සහතිකයට පමණක් තමන්ගේ නම ඇතුළත් කිරීමට සූදානම් පිරිමින් දැන් මහා බ්‍රිතාන්‍යයේ බිහි වෙමින් සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන් පවුම් 10,000 ක (ඩොලර් 12ල525) ක මුදලක් අය කරනවා.

මෙම වංචාකරුවන් සොයා ගැනීම සඳහා එක් පර්යේෂිකාවක් එක්සත් රාජධානියේ ගර්භණී කාන්තාවක් ලෙසින් ව්‍යාජව හැසිරෙමින් තමන්ගේ දරුවාගේ උප්පැන්නයට පියකු සොයමින් සිටියා. මෙහිදී ඇයට “තායි” යන නමින් පෙනී සිටි තැරව්කරුවකු හමු වුණා. ඔබේ දරුවාට පියෙකුගේ නම අවශ්‍ය නම් මට පුළුවන් උදව් කරන්න. ඔහු කිව්වා. ඒ වෙනුවෙන් වූ පවුම් 11,000 ක පැකේජයක් තිබෙනවා.

මෙය ඉතා පහසුයි. ඔබට විදේශ ගමන් බලපත්‍රයක් පවා ලබා දෙන්නත් පුළුවනි.

අවසානයේදී මේ කාන්තාවට ඇන්ඩෘ නැමැති පිරිමියෙක් හඳුන්වා දුන්නා. ඇන්ඩෘ තම විදේශ ගමන් බලපත්‍රයත් ඇයට පෙන් වූ අතර පර්යේෂිකාව සමග සෙල්ෆි ඡායාරූප කීපයක්ද ලබා ගත්තා.

නමුත් අවසානයේදී පර්යේෂිකාව තමන්ගේ අන්‍යතාවය පෙන්වමින් ඇන්ඩෘගේ ජාවාරම ගැන ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවයි. එහෙන්ම තමන් කරන්නේ වරදක් නොවන බවත් ඔහු සඳහන් කළා.

● ඉතාම සංකීර්ණයි…

ව්‍යාජ පියවරුන් ලෙස පෙනී සිටීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව ආගමන නීති නීතිඥ ඇනා ගොන්සාලෙස් සඳහන් කරනවා. එය හරිම සංකීර්ණයි. ඇදහිය නොහැකි තරම් දුෂ්කරයි. මෙම කාන්තාවන් කොතරම් මංමුළා වීද යත් මහා බ්‍රිතානයයේ රැඳී සිටීම සඳහා ඔවුන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්. ඒ වගේම බ්‍රිතාන්‍ය දරුවන්ට එක්සත් රාජධානියේ නොවන දෙමව්පියන් සඳහා ලබා දී වීසා ගැන තවමත් නිවරැදි දතත් ලැබී නැති බැව් සඳහන් කරනවා.

● උප්පැන්න සහතිකයෙන් පමණක් බැහැ..

ව්‍යාජ උප්පැන්න සහතික භාවිතා කරමින් සිදුවන සංක්‍රමණික වංචා වැළැක්වීම සහ ඒවා අනාවරණය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැව් ස්වදේශ කටයුතු කාර්යාලය සඳහන් කරනවා. ඒ වගේම උප්පැන්න සහතිකයෙන් පමණක් පීතෘත්වය තහවුරු කරන්න බැහැ. අපට සැකයක් ඇති වුණොත් අමතර සාක්ෂි ඉල්ලා සිටිනවා.

ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු සංක්‍රමණික ප්‍රජාවන් තුළ මෙම පුරුද්ද පවතින අතර එය වසර ගණනාවක් පුරා සිදු වෙන බවත් ඇනා ගොන්සාලෙස් සඳහන් කරනවා.

“නිව්ස්සයිට්” විමර්ශනයකින් පෙනී යන අන්දමට බ්‍රිතාන්‍ය පිරිමියෙක් පියකු ලෙස සොයන ගැබිනියන් වගේම තමාට ව්‍යාජ පිරිමියකු ලෙසින් පෙනී සිටිනන්ට සුදුසුකම් ඇතැයි සඳහන් කරන පිරිමින් බොහෝ ගණනක් සිටිති. එක් කාන්තාවක් තමන්ගේ “ෆේස් බුක්” ගිණුමේ මේ අන්දමින් සටහනක් තබා තිබුණි. මම මාස හතරක ගැබිනියක්… මට වයස අවුරුදු 25-45 අතර ‘citizenship daddy’ කෙනෙක් අවශ්‍යයි.

තවත් තැනක මේ අන්දමින් සටහනක් විය. මම බ්‍රිතාන්‍යයේ විදේශ ගමන් බලපත්‍රයක් ඇති පිරිමියෙක්. ඔබ ගැබ්ගෙන ඇත්නම්, ඔබේ දරුවාට පියකු නැත්නම් මට ෘසරුජඑ ඵැි්ටැ කරන්න. ෆේස් බුක් සමාගමේ හිමිකරු සඳහන් කරන්නේ තම ප්‍රතිපත්ති උල්ලංඝනය කරන අන්තර්ගතයෙන් ඉවත් කිරීම අඛණ්ඩව සිදු කරන බව එම සමාගම සඳහන් කරනවා.

● මම පවුම් 9000 ක් ගෙව්වා…

මගේ දරුවාගේ පියා ලෙසින් ඔහුගේ නම ගැනීමට මම පවුම් 9000 ක් ඔහුට ගෙව්වා. ඒ පුද්ගලයා වඩා අවුරුදු 30 ක් වැඩිමහල්. මගේ මේ පුද්ගලයා සමග කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. උප්පැන්න සහතිකය ලියාපදිංචි රැවටෙන අවස්ථා බොහොමයක් තිබෙනවා. මම දරුවාගේ උප්පැන්න සහතිකයට ඔහුගේ නම ලබා ගැනීමට පවුම් 10,000 ක් ගෙව්වා. නමුත් ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නොවෙයි. මට පිස්සු හැදුනා. මේ වෙන විටත් මම දරුවාගේ පියා විදිහට ඔහුගේ නම ඇතුළත් කර තිබුණා. ඒ නිසා මගේ දරුවාට එක්සත් රාජධානියේ රැඳී සිටින්නට අවසරයක් නැහැ.

● ව්‍යාජ වීසා

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ව්‍යාජ වීසා වෙනුවෙන් විමර්ශන කටයුතු සිදු විය යුතු බවයි.

දරුවෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බවට තහවුරු කිරීමට නම් දරුවාගේ මව හෝ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විය යුතුයි. නමුත් මේ අන්දමින් උප්පැන්න සහතිකයට පමණක් පෙනී සිටින පියවරු සම්බන්ධයෙන් අපට DNA වාර්තා ඉල්ලන්න බැහැ. උපතක් ලියාපදිංචි කිරීම DNA සහතිකයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ව්‍යාජ පියවරුන්ට ඒ හිස්තැනින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment