Colombo City Centre වෙතින් සුවිශේෂී අත්දැකීමක් තිළිණ කරන “I Love Colombo” ප‍්‍රවර්ධන වැඩසටහන

362

I Love Colombo ප‍්‍රවර්ධන වැඩසටහන හරහා Colombo City Centre වෙත සාප්පු සවාරි එන පාරිභෝගිකයන්ට මෙන්ම කොළඹ නගරයේ සැරිසරන විදෙස් සංචාරකයින්ට සුවිශේෂී වූ අත්දැකීමක් ලබා ගත හැක.

 කොළඹ වාණිජ්‍ය අගනගරයේ හදවත බඳු පරිශ‍්‍රයක ඉදි වී ඇති Colombo City Centre විසින් කොළඹ නගරයේ දී වඩාත් නැවුම් අත්දැකීමක් ජනතාව වෙත සමීප කරවීම උදෙසා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කර ඇත. ඒ අනුව මුත්තයියා පාරට මුහුණලා “I LOVE CMB” නමින් ඉතා ආකර්ෂණීය පුවරුවක් ඉදි කර ඇත. මෙවැනි ආකර්ෂණීය පුවරු ලොව පුරා විවිධ ස්ථානවල දැක ගත හැකි අතර  “I Love Amsterdam” සහ “I Love NY” යනුවෙන් දැක ගත හැක්කේ එවැනි සුවිශේෂී සලකුණු බවට පත් වූ ඒවායි. දෙස් විදෙස් සංචාරකයින්ට, පවුලේ අය සමග හෝ හිත මිතුරන් සමග පැමිණ මෙම ස්ථානයේ සිට සදා මතකයේ රැුඳෙන ආකාරයේ සොඳුරු ඡුායාරූප පෙළක් කැමති පරිදි ලබා ගත හැක.

 මෙවැනි ආකර්ෂණීය පුවරු ඉදිවීම පසුපස ඉතා වැදගත් කථාවක් ඇත. “I Love NY” පුවරුව ප‍්‍රධාන වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර  ගැනීමේ වෙළෙඳ ප‍්‍රචාරණ වැඩසටහනක් වශයෙන් නිව්යෝර්ක් නගරයේ ස්ථාපිත වූ අතර එහි අනුරූ ඇතුළු විවිධ වෙළෙඳ භාණ්ඩ ඒ ආශි‍්‍රතව මිල දී ගැනීමේ හැකියාව ඇත. මෙම ආදර්ශය අනුව යමින් මැලේසියාව, නෙදර්ලන්තය, ප‍්‍රංශය සහ ඉන්දියාව ඇතුළු ලොව බොහෝ රටවල් සංචාරක ආකර්ෂණය උදෙසා සහ සොඳුරු ඡුායාරූප ලබා ගත හැකි ස්ථානයන් වශයෙන් මෙවැනි සුවිශේෂී සංකේතාත්මක පුවරු ඉදිකිරීමට කටයුතු කර ඇත.

 Colombo City Centre වෙත පැමිණෙන අමුත්තන්ට මනරම්ව නිර්මාණය කර ඇති “I LOVE CMB” පුවරුව අසලට ගොස් සදා මතකයේ රැුඳෙන සොඳුරු ඡුායාරූප පෙළක්ම ලබා ගත හැක. ශී‍්‍ර ලංකාවේ මෙන්ම කොළඹ නගරය තුළත් මෙවැනි සුවිශේෂී පුවරුවක් ඉදි වී ඇති පළමු අවස්ථාව මෙය වන අතර එය වාණිජ්‍ය අගනගරය වෙත විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඇදී එන ජනතාවගේ විශේෂ අවධානයට ලක්ව ඇත.

 Colombo City Centre හි ප‍්‍රධාන පිවිසුමේ නවතම පුවරුවක් ඉදි වී ඇති අතර දිවයිනේ ඕනෑම තැනක සිට පැමිණෙන අයෙකුට ගොඩනැගිල්ල ඉතා පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව එමඟින් හිමි වේ. එමෙන්ම අත් දෙකකින් “I LOVE COLOMBO” සංකේතවත් කරන සුවිශේෂී හැඩයකින් නිර්මාණය කරන ලද තවත් ආකර්ෂණීය පුවරුවක් ඉදි වී ඇත. නියොන් ලයිට්වලින් ආලෝකවත් කර ඇති මෙම පුවරුව අමුත්තන් සාප්පු සංකීර්ණයට ඇතුල් වන පළමු මහළේ ස්ථාපිත කර ඇති අතර පවුලේ අය සහ ආදරණීයයන් සමග සදා මතකයේ රැුඳෙන සෙල්ෆි ඇතුළු ඡුායාරූප ගැනීමට හැකි කදිම නිර්මාණයකි.

 පහළ මාලයේ සාප්පු සංකීර්ණයට ඇතුල් වන ප‍්‍රධාන දොරටුව ආසන්නයේ නවීන ලෙස වැඩි දියුණු කළ විමසීම් කවුන්ටරයක් ස්ථාපිත කර ඇත. සාප්පු සවාරිය සඳහා පිවිසෙන සෑම පාරිභෝගිකයෙකුටම අවශ්‍ය විමසීම් සහ සේවාවන් සිදු කර ගැනීමට හැකි වන පරිදි මෙය කි‍්‍රයාත්මකව පවතියි.

 සාප්පු සංකීර්ණය ඇතුළත Vintage Car ර කිහිපයක් ප‍්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස Austin 7 මෝටර් රථයක් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලදී. මෙම මෝටර් රථය පළමු වරට හඳුන්වාදෙන ලද්දේ 1922 වසරේ වන අතර පොදු ප‍්‍රවාහන සේවාවන් ඔස්සේ ළඟා විය නොහැකි ස්ථානයන් වෙත ගමන් කිරීමේ හැකියාව තිබූ සුවිශේෂී රථයක් ලෙස හඳුන්වන ලදී. මෙම මෝටර් රථයේ නිර්මාතෘවරයා Herbert Austin  වන අතර ඔහු විසින් ඔස්ටින් මෝටර් සමාගම නිර්මාණය කරමින් මධ්‍යම පාන්තිකයින්ට සහ වෘත්තිකයින්ට ඔබින Austin 7 මෝටර් රථය හඳුන්වාදෙන ලදී. පසුව නවීකරණයන් රැුසකට ලක් වූ Austin 7මෝටර් රථය බි‍්‍රතාන්‍ය, ජර්මනිිය, ප‍්‍රංශය, ජපානය සහ ඇමරිකාව ඇතුළු රටවල් රැුසක ඉතා ඉහළ ජනපි‍්‍රයත්වයක් අත්කර ගැනීමට සමත්විය. ්මිඑසබ 7 මෝටර් රථය රේසින් කාර් එකක් වශයෙන්ද භාවිතා වූ අතර අතීතයේ පැවති ප‍්‍රමුඛතම මෝටර් රථ ධාවන තරඟවල ඉහළ සාර්ථකත්වයක් අත්කර ගන්නා ලදී. Colombo City Centre හි තබා තිබෙන මෙම සුවිශේෂී මෝටර් රථය දැක බලා

 ගනිමින් අතීත මතකයන් අවදි කර ගන්නා ලෙසට පැමිණෙන අමුත්තන්ට කළමනාකාරීත්වය විසින් ආරාධනා කර සිටියි.

 I Love ColomboI Love Colombo ප‍්‍රවර්ධන වැඩසටහන ආශි‍්‍රත සියලූ විස්තර Colombo City Centre Facebook  සහ Instagram පිටු වලින් දැක ගත හැකි අතර ක්‍ක්‍ක්‍ වෙතින් වටිනා තෑගි වවුචර් දිනා ගත හැකි අවස්ථාවන් පිළිබඳවද ඒ හරහා දැනුවත් කෙරෙනු ඇත.

 Colombo City Centre සැමවිටම සාප්පු සවාරියේ නිරත වීමට, ආහාරපාන රසවිඳීමට, විනෝදාස්වාදය ලබා ගැනීමට පරිශ‍්‍රය වෙත පැමිණෙන අමුත්තන් වෙනුවෙන් සුරක්‍ෂිත පරිසරයක් ඇති කර තිබේ. ඇඟළුම්, අත් ඔරලෝසු, පාවහන්, විසිතුරු ආයිත්තම් සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ඇතුළු භාණ්ඩ රාශියක් වෙළෙඳසල් රැසක් අතරින් ඔබට කැමති පරිදි ලබා ගත හැක. විනෝදාස්වාදය වෙනුවෙන් Bowling සහ Gaming Arcade  එකක් මෙහි දැක ගත හැකි අතර ලොව පුරා විවිධ ආහාර රටාවන්ට අයත් දේශීය මෙන්ම විදේශීය ආහාරපාන රැසක් ජාත්‍යන්තර මට්ටමේ අවන්හල් ඔස්සේ රසවිඳිය හැක. විවිධ වර්ගයේ රසවත් අයිස් කී‍්‍රම් වර්ග රැුසක් රස බැලීමේ හැකියාව මෙහිදී හිමි වන අතර Isle of Gelato, Roots Gelato, il Gelato, Cargills Magic  සහ Häagen-Dazs ඇතුළු සියල්ල මෙහිදී රසවිඳිය හැක. Cargills සුපිරි වෙළෙඳ සලෙන් නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය කිසිදු අඩුවකින් තොරව ලබාගත හැකි අතර එහි ඇති Food Hall අවන්හලෙන් ප‍්‍රණීත හා නැවුම් ආහාර රසවිඳිය හැක. පවුලේ අය සමග මෙන්ම හිත මිතුරන් සමග සාප්පු සවාරියට, විනෝදාස්වාදයට, ආහාරපාන රසවිඳීමට යා යුතු එකම තැන වශයෙන් Colombo City Centre හැඳින්විය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment