Combank.lk ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’  වෙබ් අඩවිය ලෙස සම්මාන ලබයි

57

LK ඩොමේන් රෙජිස්ටි්‍ර විසින් පැවැත්වූ 2022 BestWeb.lk තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘බැංකුකරණ සහ මූල්‍ය’ වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුවේ ආයතනික වෙබ් අඩවිය තෝරාගෙන තිබේ.

 පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී BestWeb.lk විසින් 12 වන වරටත් පැවැත්වූ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී අදාළ අංශය වෙනුවෙන් ප්‍රදානය කළ ඉහළම සම්මානය වන රිදී සම්මානය ජයග්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව සමත්විය. මෙම සම්මානයම 2020 වසරේදීත් කොමර්ෂල් බැංකුව ජයග්‍රහණය කළ අතර 2017 වසරේදී BestWeb.lk තරගාවලියේදී ලෝකඩ සම්මානයක් ජයග්‍රහණය කළේය. මේ වසරේදී ‘බැංකුකරණ සහ මූල්‍ය’ අංශය වෙනුවෙන් රන් සම්මානයක් ලබා නොදුන් අතර ලබාදුන් ඉහළම සම්මානය වූයේ රිදී සම්මානයයි.

 කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී – අලෙවිකරණ, ඉරෝෂා වෙත්තසිංහ එක්ස්ප්‍රස් පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානී, එස්. රමේෂ් කුමාර් මහතා අතින් සම්මානය ලබාගත් අයුරු. මෙම අවස්ථාවට සහභාගි වු කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ වෙබ් නිර්මාණකාරිනී, ශ්‍යාමලී අමරසේන සහ ඩිජිටල් අලෙවිකරණ නිළධාරී ගයාන් පුංචිහේවා සහ LK ඩොමේන් රෙජිස්ටි්‍ර හි හවුල්කාරීත්ව කළමනාකාරිනී, නිරෝජා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment