Community Kitchen | දිනකට 850කගේ කුසගින්දර නිවන “ප්‍රජා මුළුතැන්ගෙය”

217

පෝෂ්‍යදායී ආහාර වේලක් කියන්නේ සියලු දෙනාටම හිමිවිය යුතු දෙයක්.පෝෂණය කෙසේ වෙතත් කුමකින් හෝ කුසපුරවා ගැනීමත් මේ කාලේ විශාල ගැටළුවක් වෙලා. කොස් ගෙඩියක් , දෙල් ගෙඩියක් වත් සොයාගන්න බැරි නාගරික වතු ජනතාව මේ හේතුව නිසා අන්ත අසරණ වෙලා. කොළඹ වතු ආශ්‍රිතව ජීවත්වන මෙවැනි අන්ත අසරණ මිනිස්සුන්ගේ බඩගින්දරට යම් තරමකට හරි විසඳුමක් සොයන්න කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් පවත්වාගෙන යන ” ප්‍රජා මුළුතැන්ගෙය ” වැඩසටහන මහඟු පිටුවහලක් වෙලා. මේ වැඩසටහනෙන් දිනකට 850 කගේ පමණ කුසගින්දර නිවනවා.ඒ අවට ජීවත්වෙන ආර්ථික අපහසුතාවය ඉතා තදින් දැනෙන අයට වගේම පෝෂණ ඌණතාවයෙන් පෙළෙන කුඩා දරුවන් , ගැබිනි වම්වරුන්, වැද්ඳඹුවන් , රෝගීන් ආදී බොහෝ දෙනෙක් මෙමගින් තම දෛනික ආහාර අවශ්‍යතාවය සපුර ගන්නවා. ඉදිරියේදී මේ ප්‍රමාණය 1200 ක් තරම් වැඩිකර ගැනීම එම වැඩසටහනේ තවත් එක් අමුණක්. වෛද්‍යවරුන් , පෝෂණ වේදීන්, ආදී බොහෝ දෙනෙක්ගේ උපදෙස් හා දායකත්වය මේ සදහා නොඅඩුව ලැබෙනවා. ගංගාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා පවා දහවල් දානය ලබාගනුලබන්නේ මෙම ස්ථානයෙන්. බඩගින්දරට ජාති , ආගම් , කුල බේද නැහැ. ඒනිසා තම යුතුකමක් ලෙස හෝ සලකලා හැකියාවක් තියෙනවනම් තමන්ට පුලුවන් පමණින් මේ සත්කාරය වෙත දායකත්වය දක්වන්න ඔබටත් පුලුවන්.

advertistmentadvertistment
advertistmentadvertistment