CSR ක්‍රියාකාරකම් 30ක් සමඟින්, Bodyline වසර 30 ක් මුළුල්ලේ සිය ප්‍රජාව ශක්තිමත් කරයි

52

ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් තාක්ෂණ සමූහය වන MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline (Pvt) Ltd සිය 30 වන සංවත්සරය සමරන ලදි.

මෙම වසර 30 ක කාලය පුරාවට ආයතනික සමාජ වගකීම් 30ක් හරහා ඔවුන් සිය ප්‍රජාවන්ගේ ජීවිත නගාසිටුවීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළේය.

Bodyline සමාගම වසර 30 ක් මුළුල්ලේ සමාජ ක්‍රියාකාරකම් රැසක නිරත වී ඇති අතර ඒ හරහා තම සේවක ප්‍රජාවන් සහ පාර්ශ්වකරුවන් සඳහා වන සිය කැපවීම සහතික කළේය. ඊට අමතරව Bodyline හි අභිප්‍රාය වන්නේ මිනිසා සහ ලෝකය යන සංකල්පමය කුලුනු මත ගොඩනැගී ඇති නව මුලපිරීම් සමඟින් තම දායකත්වය වැඩි කර ගැනීමටත්, අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට අත්වැලක් වීමට අභ්‍යන්තර කණ්ඩායම්වලට අවස්ථාවක් ලබා දීමෙන් සේවක සහභාගීත්වය ශක්තිමත් කිරීමටත් ය. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා මෙසේ පැවසුවේය.

“අපි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සෘජු රැකියා අවස්ථා 60,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇති අතර අපගේ දැක්ම යථාර්ථවත් කරමින් අපගේ පාර්ශ්වකරුවන්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, සේවකයින් සහ ප්‍රජාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. අපගේ ජාත්‍යන්තර සම-නිර්මාණ මධ්‍යස්ථානය හරහා බෙදාහැරීමේ විසඳුම් සපයමින් ලෝ ප්‍රකට සන්නාම සඳහා හවුල්කරුවකු ලෙස අපි අපගේ කීර්ති නාමය පතුරවමින් සිටිනවා. අපගේ වර්ධනය බැඳී පවතින්නේ අපගේ ජනතාවගේ වර්ධනය මතයි. “සිහින යථාර්ථවත් කිරීම සහ ලෝකයේ ජීවන පැවැත්ම සහතික කිරීම” යන අපගේ අරමුණ වෙනුවෙන් අප සමඟ සහයෝගයෙන් වැඩ කරන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා අපි අපගේ උපරිමයෙන් කැපවෙනවා.”

Bodyline තම ව්‍යාපාරික මෙහෙයුම් හරහා ජාතික ආර්ථිකයට දායකවනවාට අමතරව සමාගම විසින් රාජ්‍ය අංශයේ පාසල් සහ රෝහල් සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම, අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය වන විශේෂ ආයතනික සමාජ සත්කාර වැඩසටහන් හරහා දායක වෙමින් ප්‍රජාවන් නඟා සිටුවීමට අත්වැලක් සපයයි.

advertistmentadvertistment
advertistmentadvertistment