DAS ට ලකුණු 25ක ජයක්

119

ලංකා ප්‍රිමිය ලීග්( LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති 12 වැනි තරගය වූ දඹුල්ල සික්සස් (DAS) සහ ගෝල් මාවේල්ස් (GAM ) කණ්ඩායම් දෙක අතර තරගයේ ජය DAS ට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් DAS සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් විය.චමිදු වික්‍රමසිංහ 56යි.GAM පන්දු වාර 19.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135කි.නුවන් තුෂාර සහ දුෂාන් හේමන්ත කඩුලු 03 බැගින් ලබා ගත්හ.ඒ අනුව DAS ට ලකුණු 25ක ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment