Deep Jungle සංගීතය ගැන කතා කළ පරිසරවේදීන්ට ගේට්ටු වසයි

676

ආන්දෝලනයකට ලක්ව තිබෙන හබරණ ගල්ඔය ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත Deep Jungle music and Festival නමැති ප්‍රසංගය පැවැත්වීම හේතුවෙන් ඇති විය හැකි අනතුර ගැන සාකච්ඡා කිරීමට ඊයේ (16) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පරිසරවේදීන්ට ඇතුල්වීමට ඉඩනොදී පොලිසියෙන් බාධා කළ බව පරිසර යුක්ති කේන්ද්‍රය සහ වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුල් වන ගේට්ටුව අගුල් දමා වසා දමන ලද අවස්ථාවේදී පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිස විසින් කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව පොලිසිය විසින් සීමිත පිරිසකට පමණක් ඇතුළු වීමට ඉඩ සලස්වන ලද බවත්, අනතුරුව පොලිස් රැකවල් මැද වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවී මෙහි ඇති භයානක තත්ත්වය පෙන්වා දෙන ලද නමුත් මෙය නතර කිරීමට කටයුතු කිරීම පිළිබඳව කිසිදු කරුණක් ඔහුගෙන් ප්‍රකාශ නොවූ බව ඉහත සංවිධාන පෙන්වා දෙයි.
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment