DFCC බැංකුව මෙවර ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු‍ මවුවරුන් ඇගයීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය.

බැංකුව තුළ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ වැඩසටහනක්ද ඊට ඇතුළත් විය.

කාන්තාවන්ට, විශේෂයෙන්ම මවුවරුන්ට, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදු වේ. මෙම උත්සව මාලාව සංවිධානය කරන ලද්දේ, එලෙස කැපවෙමින් තම ජීවිතයේ අභියෝග ජයගන්නා කාන්තාවන් ඇගයීමට ලක්කිරීමේ අරමුණිනි. DFCC බැංකුව කවදත් විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය සඳහා මුල්තැන දෙන අතර, සෑම කෙනෙකුටම නිසි ඇගයුම් හිමි වන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා කැප වී සිටී. එම කැපවීමෙහි ඉදිරි පියවරක් ලෙස මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, එය කාන්තාවන් සමාජය තුළ දරන භූමිකා අතරින් අතිශය වැදගත් භූමිකාවක් වන මාතෘත්වය සම්බන්ධයෙන් ආයතනය තුළ ඇති ගෞරවය නැවත වරක් අවධාරණය කළ අවස්ථාවක්ද විය.

advertistmentadvertistment
advertistmentadvertistment