DFCC බැංකුව විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල සහ තිරසාරත්වය සඳහා වූ කැපවීම සමගින් 2023 වාර්ෂික වාර්තාව එළිදක්වයි

27

DFCC බැංකුව පසුගියදා සිය 2023 වාර්ෂික මූල්‍ය වාර්තාව ප්‍රකාශයට පත්කළේය.

බරපතළ අභියෝග මෙන්ම නව අවස්ථා රැසක් හමුවේ බැංකුව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය මෙම වාර්තාව මගින් පැහැදිලි වේ. එමෙන්ම, 2030 වසරේදී දහනය අවම (Carbon Neutrality) කරගැනීමේ අරමුණ ඇතිව බැංකුව විසින් දියත් කරන ලද තිරසාරත්ව වැඩසටහන් සහ එම වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධ කරුණුද මෙම වාර්තාවට ඇතුළත් ය.

විනිවිදභාවයෙන් යුත් වාර්තාකරණය සම්බන්ධයෙන් දැඩි ප්‍රමිතීන් අනුගමනය කරන DFCC බැංකුව මෙම වාර්ෂික මූල්‍ය වාර්තාව සඳහා ඒකාබද්ධ වාර්තාකරණ ආකෘතියක් භාවිතා කර ඇත. පාරිසරික හා සමාජයීය වශයෙන් වගකීම් සහගත ප්‍රවේශයක් ඔස්සේ බැංකුව තිරසාර සංවර්ධනය සඳහා දරන උත්සාහය නිරූපණය කරන කරුණු රැසක් ඊට ඇතුළත් ය. එමෙන්ම භෞතික අවදානම්, අවස්ථා සහ ප්‍රතිඵල මෙන්ම විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් බැංකුව පෙන්නුම් කරන කැපවීමද එමගින් අවධාරණය කර තිබේ.

“අපගේ 2023 වාර්ෂික මූල්‍ය වාර්තාව ප්‍රකාශයට පත්කිරීමට ලැබීම සතුටක්. ඕනෑම කෙනෙකුට දැන් එය පරිශීලනය කළ හැකියි. කඩදාසි භාවිතය අවම කිරීම සඳහා අප දක්වන කැපවීමෙහි කොටසක් වශයෙන්, මෙවරත් අප ඩිජිටල් ක්‍රමයට එය ප්‍රකාශයට පත්කිරීමට සහ යාවත්කාලීන කළ තොරතුරු ඇතුළත් කිරීමට මුල්තැන දී තිබෙනවා. ප්‍රධාන අංශ 8 ක් යටතේ ව්‍යුහගත කර ඇති අපගේ නව්‍ය වූ වටිනාකම් නිර්මාණ ආකෘතිය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් මෙම වාර්තාවට ඇතුළත්. මෙම ක්‍රමෝපායික රාමුව, ප්‍රධාන මූල්‍ය කාර්යසාධන දර්ශක සියල්ලට අදාළව විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කරගැනීමට අපට උපකාරී වී තිබෙනවා. එමෙන්ම එය අපගේ තිරසාර සංවර්ධන ප්‍රයත්නයන් ශක්තිමත් කරමින්, ප්‍රජාවන්ට සහ පරිසරයට යහපතක් සිදුකිරීමට අප බලගන්වනවා. අපගේ 2023 වාර්ෂික මූල්‍ය වාර්තාව පරිශීලනය කරන මෙන් සියලු‍ම දෙනාට ආරාධනා කිරීමට මා කැමතියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment