DFCC බැංකුවට ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි වේ

28

DFCC බැංකුව, මෑතකදී සමාජ මාධ්‍ය හරහා දියත් කළ අතිශය සාර්ථක අලෙවිකරණ වැඩසටහනක් වෙනුවෙන් එම බැංකුවට පසුගියදා පැවති 11 වැනි ACEF Asian Leaders සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය.

දකුණු ආසියානු රටවල් අතරින්, විශිෂ්ටතම සමාජ මාධ්‍ය අන්තර්ගතය (YouTube සහ Facebook) යන කාණ්ඩය යටතේ මෙම සම්මානය හිමි විය.

මෙලෙස ඇගයීමට ලක්වූයේ, පාරිභෝගික සේවා සතිය වෙනුවෙන් DFCC බැංකුව සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කළ සුවිශේෂී නිර්මාණාත්මක කෙටි චිත්‍රපටයයි. YouTube සහ Facebook ඔස්සේ ප්‍රදර්ශනය කළ මෙම කෙටි චිත්‍රපටය, ලොව පුරා පැතිරී ගිය COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව සුවිශේෂී කතා පුවතක් අනුසාරයෙන් නිර්මාණය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment