DFCC බැංකුව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් “Make a Wish”‍ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙයි

57

DFCC බැංකුව සුපුරුදු පරිදි නැවතත් තම ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, “Make a Wish”‍ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ.

මෙමගින් විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධන දීමනා අතර තමන් අත්විඳීමට කැමති දීමනා සහ ලැබීමට කැමති ත්‍යාග පිළිබඳ යෝජනා DFCC බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, ඒ අතරින් තෝරාගනු ලබන යෝජනා උත්සව සමයේ දීමනා ලෙස හඳුන්වා දීමටත්, ත්‍යාග ලෙස ලබාදීමටත් DFCC බැංකුව කටයුතු කර ඇත.

ගනුදෙනුකරුවන්ගේ අදහස්, යෝජනා හා අපේක්ෂාවන් වඩාත් හොඳින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් මෙම වැඩසටහන භාවිතා කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි. මෙම යෝජනා අතරින් වඩාත්ම නිර්මාණශීලී සහ නැවුම් ආකාරයේ යෝජනා, මෙවර උත්සව සමය වෙනුවෙන් කාඩ්පත් දීමනා ලෙස හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment