DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවතම ආකාරයකමාසික විද්‍යුත් දින දර්ශනයක් හඳුන්වා දෙයි

101

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණශීලී නවතම මාසික විද්‍යුත් දින දර්ශනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

සෑම විටම නවීන තාක්ෂණයට මුල්තැන දෙමින් ඩිජිටල් බැංකු සේවාවන් ප්‍රවර්ධනය කරන බැංකුවක් වශයෙන්, ලොව සිදුවන සීඝ්‍ර වෙනස්කම් වලට අනුගත වීමට ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස DFCC බැංකුව මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙම විද්‍යුත් දින දර්ශනය මඟින් ගනුදෙනුකරුවන්ට DFCC බැංකුවේ නවතම සේවාවන් හා දීමනා ආදිය පිළිබඳ තොරතුරු මෙන්ම, එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා වලදී අතිශයින් වැදගත් වන ඩිජිටල් මෙවලම් එකතුවක්ද අඩංගු කර තිබේ.

ඡායාරූපය: DFCC බැංකුවේ උප සභාපතිනි/ අලෙවි හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය

advertistmentadvertistment
advertistmentadvertistment