DFCC බැංකුව තම මානව සම්පත් සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි

102

ව්‍යාපාරික ලෝකය මේ වනවිට මානව ප්‍රාග්ධනයේ වැදගත්කම පැහැදිලිව අවබෝධ කරගෙන තිබේ. ඒ නිසාම, සමාගම් හා ආයතනවල මානව සම්පත් අංශයන් මේ වනවිට බෙහෙවින් පුළුල් හා සංකීර්ණ අංශයන් බවට පත් වී ඇත. බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ මෙන්ම තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන්ද පුරෝගාමියෙකු වන DFCC බැංකුව, මානව සම්පත් කළමණාකරණය පිලිබඳ විශිෂ්ටතම ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම අතින් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගෙන සිටී.

මානව සම්පත් කළමනාකරණය යනු හුදෙක් පරිපාලන දෙපාර්තමේන්තුවක් නොව, ඊට වඩා පුළුල් පරාසයක් ආවරණය කරන විෂය පථයක් බවත්, ඒ ඔස්සේ තම ක්‍රමෝපායික ඉලක්ක ළඟා කරගැනීමට පහසු වන බවත් අවබෝධ කරගත් DFCC බැංකුව, මානව සම්පත් කළමනාකරණ අංශය දියුණු කිරීම සඳහා පුළුල් මට්ටමේ ආයෝජනයන් සිදුකිරීමට පියවර ගත්තේය. මේ යටතේ කාන්තාවන් සවිබල ගැන්වීම, විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය සහිත රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සහ, විවෘත හා දක්ෂතා මූලික කරගත් ආයතනික සම්ප්‍රදායක් ස්ථාපිත කිරීම වැනි පියවර රාශියක් ගන්නා ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment