DFCC බැංකුව පරිසර හිතකාමී සහ තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා GoodLife X සමඟ අත්වැල් බැඳගනී

62
DFCC බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ GoodLife X හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී රන්දුලා ද සිල්වා මහත්මිය ගිවිසුම හුවමාරු කරගනිමින්. දෙපාර්ශ්වයේ තවත් නියෝජිතයෝ පිරිසක්ද ඡායාරූපයෙහි සිටිති.

DFCC බැංකුව පරිසර හිතකාමී වැඩසටහන් සඳහා මූල්‍ය ආයතනික හවුල්කරුවකු ලෙස කටයුතු කරන GoodLife X සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.

මෙරට තිරසාර සංවර්ධන කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන DFCC බැංකුව, තිරසාරත්වය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා අතීතයේ පටන්ම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.

Good Life X මෙහිදී විශේෂයෙන්ම දේශගුණික වෙනස්කම් සහ, එම වෙනස්කම්වලට අනුවර්තනය වීමට කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය සතු හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට ප්‍රමුඛත්වය ලබාදෙමින්, වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට ව්‍යාපාර හා නිෂ්පාදන දියුණු කිරීමත්, ඉන් අනතුරුව ඒවා වඩාත් පුළුල් වෙළඳපොළක් වෙත නිකුත් කිරීමත් මෙහිදී සිදු කෙරේ. කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය යනු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද, බලපත්‍රලාභී බැංකුවල තිරසාර මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ 2022 අංක 5 දරන බැංකු පනත් මෙහෙයුම් උපදෙස් මාලාව අනුව හඳුනාගෙන ඇති ප්‍රමුඛතා අංශ දෙකකි. තිරසාර ආර්ථිකයකට අවශ්‍ය පසුබිම සකස් කිරීම සහ තිරසාර සැලසුම්වලට අනුකූලව බලපත්‍රලාභී බැංකුවල මූල්‍ය භාවිතයන් ප්‍රවර්ධනය කිරීම එම මාර්ගෝපදේශ මාලාවෙහි අරමුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment