DFCC බැංකුව පාරිභෝගික සේවා සතිය අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

69

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව මෙවරත් ජාත්‍යන්තර පාරිභෝගික සේවා සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. මෙම වසරේ ජාත්‍යන්තර පාරිභෝගික සතිය ඔක්තෝබර් 03 දින සිට ඔක්තෝබර් 07 දින දක්වා සමරන ලදි.

මෙම වසරේ සැමරුම්වලදී DFCC බැංකුව ප්‍රධාන වශයෙන් පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ එහි මූලිකාංග කෙරෙහි අවධානය යොමුකළ අතර, සැමරුම් අවසානයේදී විශේෂ සංවාදමය වැඩසටහනක්ද පැවැත්විණි. 2022 ඔක්තෝබර් 07 දින සවස 3 දක්වා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩසටහනට පාරිභෝගික කේන්ද්‍රීයත්වය සම්බන්ධ විශේෂාංග පෙළක් ඇතුළත් වූ අතර, විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා නන් අයුරින් දායක වූ DFCC බැංකුවේ සේවක සේවිකාවන් පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ.

Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, John Keells Holdings හි ප්‍රධාන මානව සම්පත් සහ තිරසාරත්ව, තිරසාරත්ව, ආයතනික අවදානම් සහ සමූහ වැඩසටහන් අංශ ප්‍රධානී ඉසුරු ගුණසේකර, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ සහ Emirates ගුවන් සේවයේ පාරිභෝගික විකිණුම් ප්‍රධානී (ශ්‍රී ලංකාව) දේවිකා ඇල්ලේපොළ යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment