DFCC බැංකුව පැය 24 පුරා ගනුදෙනුකරුවන්ට සහය වීමට WhatsApp හරහා DFCC Chat සේවාව හඳුන්වා දෙයි

78

DFCC බැංකුව යනු පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය ගනුදෙනු, ඉතුරුම් හා ආයෝජන සේවාවන් පිරිනමන, පූර්ණ වාණිජ බැංකුවකි. මෙම සේවාවන් සැපයීම සඳහා DFCC බැංකුව නවීන තාක්ෂණය සහ ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් භාවිතා කරයි. එහි තවත් ඉදිරි පියවරක් වශයෙන්, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක සහයෝගය හා මගපෙන්වීම් ලබාදීම සඳහා, නවතම චැට් සේවාව වන DFCC Chat සේවාව WhatsApp හරහාද ක්‍රියාත්මක කිරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඉතාමත් පහසුවෙන්, ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි මෙම චැට් සේවාව නිසා DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඕනෑම දිනයක, ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට තමන්ට අවශ්‍ය සහය ලබාගත හැකි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment