DFCC බැංකුව UnionPay කාඩ්පත් ගෙවීම් භාරගැනීම ආරම්භ කිරීම සඳහා ගිවිසුම්ගත වෙයි

45

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, UnionPay කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන ආකාරයට තම POS යන්ත්‍ර (Point-of- Sales machines) සැලසුම් කිරීම සඳහා පසුගියදා UnionPay සමග ගිවිසුමක් අත්සන් කළේය. 2020 වසරේ සිට තම merchant acquiring වැඩසටහන පුළුල් ලෙස ක්‍රියාත්මක කළ DFCC බැංකුව මේ වනවිට ගෙවීම් සේවාවන් රැසක් තම ජාලයට එක්කරමින්, ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවා සම්පාදකයෙකු බවට පත් වී තිබේ. UnionPay ක්‍රියාත්මක කිරීමත් සමග, DFCC බැංකුවේ merchant acquiring ජාලය දැන් ඕනෑම ප්‍රධාන පෙළේ කාඩ්පතක් මගින් සිදුකරන ගෙවීම් භාරගත හැකි ජාලයක් බවට පත් වනු ඇත.

UnionPay International Sri Lanka & Maldives හි අලෙවි ප්‍රධානී අරූෆ් සමූන්, එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන හා නිෂ්පාදන ප්‍රධානී බෙන්සි ප්‍රනාන්දු, එම සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකරු ක්‍රිස්පින් විජේසේකර, DFCC බැංකුවේ උප සභාපති/කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලු‍විස්, එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (කාඩ්පත් මෙහෙයුම්) ශලීන්ද්‍රී ධර්මරත්න සහ කළමනාකරු (Merchant Aquiring) ක්‍රිෂාන් ජයමාන්න යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ දිස් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment