Dialog Blaster වෙතින් Tik Tok සහ Instagram සඳහා රු. 297ක සුවිශේෂී Fun Blaster ප්ලෑන් එකක් හඳුන්වාදෙයි

214

ඩයලොග් පාරිභෝගිකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ ඊක්ිඑැර ප්ලෑන් අතරට පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන්ට Instagram සහ TikTok සඳහා ඩේටා ඇතුළත් තවත් සුවිශේෂී ප්ලෑන් එකක් හඳුන්වාදීමට ඩයලොග් සමාගම කටයුතු කර ඇත.

මෙම නවතම Fun Blaster ප්ලෑන් එකෙන් පාරිභෝගිකයන්ට මාසයක් පුරාවට ඇති තරම් TikTok සහ Instagram භාවිතය සඳහා ඩේටා හිමි වේ.

ඩයලොග් සමාගම විසින් මෙම නව Fun Blaster ප්ලෑන් එක රු. 297ක (බදු ඇතුළත්ව) වාසිදායක මිලකට හඳුන්වා දී ඇති අතර, මෙම ප්ලෑන් එක හරහා TikTok සහ Instagram සඳහා දින 30 කට Anytime Data GB 15 ක් ලබාදෙයි. MyDialog App මගින්, රු. 297ක් රීලෝඩ් කිරීමෙන්, #678# ඩයල් කිරීමෙන් හෝ dialog.lk වෙබ් අඩවියට පිවිස නව ප්ලෑන් එක activate කරගත හැක. TikTok සහ Instagram ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් අතර අතිශයි ජනප්‍රිය වීමත් සමඟ, Dialog සමාගම විසින් මෙම ප්ලෑන් එක හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙම ප්ලෑන් එක තුළින් පාරිභෝගිකයෙකුට සිය මොබයිල් එක හරහා TikTok සහ Instagram භාවිතයේදී Standard Definition (360p) සහිත වීඩියෝ අසීමිතව නැරඹිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment